පුවත්

“රීමල් ” බලපෑම හෙටින් පහව යන ලකුණු

Published

on

රීමල් සුළි කුණාටුවේ බලපෑම හෙටින් අනතුරුව පහව යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි අනාවැකි අංශයේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා පැවසුවේ, ඉදිරි දින දෙක තුන තුළ නිරිතදිග මෝසම් කාලයේ වැසි පතිත වන දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට වැස්ස ලැබීම සිදුවන බවය.

මේ අතර පවුල් 10483 කට අයත් පුද්ගලයින් 39156 දෙනෙක් පීඩාවට පත්ව සිටිති. ඉන් වැඩි ප්‍රමාණයක් වාර්තා වන්නේ ගම්පහ ප්‍රදේශයෙනි. එම ප්‍රමාණය 5075 කි.

මේ අතර දිස්ත්‍රික්ක 8ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මකය.

කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් ඒ අතරට ඇතුළත් ය.

පවතින අධික වැසි හමුවේ මහනුවර, කෙන්ගල්ල හා මැණික්හින්න යා කෙරෙන හූරීකඩුව ප්‍රධාන මාර්ගයේ නිකකැටිය ප්‍රදේශයේ මාර්ගය ගිලා බැසීමේ අවදානමකට ලක්ව තිබේ.

එම තත්ත්වය හමුවේ රථ වාහන රියැදුරන් හුරීකඩුව මාර්ගය පරිහරණයේදී සුපරික්ෂාකාරී වන ලෙස මැණික්හින්න පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටි.

Trending

Exit mobile version