Connect with us

පුවත්

රුපියල් 55කට වැඩියෙන් බිත්තර ගන්න එපා!

Published

on

රුපියල් 55.00 කට වඩා වැඩි මිලකට බිත්තර මිලදී නොගන්නැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සම ලේකම් දුමිෂ්ක සුභසිංහ මහතා ඉල්ලා සිටී.

ගොවිපොළක බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා වැයවන්නේ රුපියල් 46.95 ක් බවත්, ගොවිපොළෙන් වෙළෙන්දන්ට බිත්තරයක් අලෙවි කරනු ලබන්නේ රුපියල් 49.00 කට බවද, සම ලේකම්වරයා පවසයි.

කොළඹ බිත්තර හිඟයට හේතුව මෙම උත්සව සමයේදී බේකරිවලට දෛනිකව බිත්තර ලක්ෂ 30 කට අධික ප්‍රමාණයක් සැපයීම බවත්, ලබන වසරේ (2023) අලුත් අවුරුදු සමය වන විටදී බිත්තර හිඟය සහ මිල ඉහළ යෑම සම්පූර්ණයෙන්ම විසඳෙනු ඇතැයි ඔහු කියා සිටී.

උත්සව සමයේ කේක් සහ බිස්කට් ආදී විවිධ රස කැවිලි නිෂ්පාදනය සඳහා බේකරිවලින් බිත්තර ඉල්ලුම වැඩිවී තිබෙන බවද ඔහු සඳහන් කරයි.

රටේ කොවිඩ් වසංගතයට පෙර දිනකට බිත්තර ලක්ෂ 85 ත් 90 ත් අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කළ නමුත්, බිත්තර සඳහා නිසි මිලක් නොමැතිවීම නිසා කුකුළු ගොවිපොළ හිමියන් සතුන් මසට අලෙවි කිරීම නිසා බිත්තර නිෂ්පාදනය කඩා වැටුණු බවද ඔහු කියා සිටී.

ඇතැම් සිල්ලර වෙළෙඳුන් සහ අතරමැදියන් බිත්තර මිල කූඨ ලෙස රුපියල් 57.00 ක් දක්වා ඉහළ දමා තිබෙන බවත්,ඇතැම් අතරමැදියන් කුකුළු ගොවිපොළ හිමියන්ගෙන් බිත්තරයක් රුපියල් 52.00 කට හෝ 53.00 කට මිලදී ගෙන බිත්තර මිල ඉහළ දැමීමේ උත්සාහයක නිරත වන බවද ඔහු කීවේය.

කෙසේ නමුත්, බිත්තර මිල මේ මස 25 වැනිදායින් පසුව යම් අඩුවීමක් සිදුවනු ඇති බවට අපේක්ෂා කරන සම ලේකම්වරයා කුකුළු පැටවුන් නඩත්තු වියදම මේ වන විට තුන් ගුණයකින් ඉහළ ගොස් ඇතැයිද කියා සිටී.

පුවත්

බස් ගාස්තු සංශෝධනය ගැන තීරණය දවස් දෙකකින්…

Published

on

By

ඉන්ධන මිල සංශෝධනයත් සමග බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරි දින දෙක තුළ තීරණය කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය සඳහන් කළේ, ජාතික ගමනා ගමන කොමිසම රැස්වී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණක් ගැනීමට නියමිත බවය.

නයෝමි ජයවර්ධන මහත්මිය වැඩිදුරටත් සඳහන් කලේ, වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජුලි මස පළමුවන දින සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණ ද ඉන්ධන මිල සංශෝධනයත් සමග එය අද (01) දිනයේ ක්‍රියාත්මක නොවන බවය.

Continue Reading

පුවත්

කහවත්තේ වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

Published

on

By

කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සදහන් කළේය.

කහවත්ත, යාඉන්න, කොස්කෑල්ල ප්‍රදේශයේ නිවසකට ඊයේ (30) රාත්‍රී පැමිණි පුද්ගලයින් සිව්දෙනෙකු නිවසේ සිටි තරුණයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් තිබුණි.

පසුව ඔවුන් දෙදෙනා පාලු ප්‍රදේශයකට ගෙන ගොස් වෙඩි තබා ඇති බව වාර්තා වෙයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 22 හැවිරිදි තරුණයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර 27 හැවිරිදි පුද්ගලයා ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බව පොලීසිය සඳහන් කළේය.

කවුරුන් විසින් කුමන හේතුවක් මත මෙම වෙඩි තැබීම සිදුකළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර කහවත්ත පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Continue Reading

පුවත්

අද කාලගුණය

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (01) දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවය.

මේ අතර පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සුළං නිරිත දෙසින් හමා එන අතර සුළඟේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50-55 පමණ දක්වා ඉහළ යා හැකියි.

හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 45 පමණ දක්වා ඉහළ යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

හලාවත සිට කොළඹ  සහ ගාල්ල  හරහා මාතර දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved