පුවත්

රුසියානු හමුදාවට බැඳුන ලාංකිකයන්ගේ ලැයිස්තුවක් ඉල්ලයි

Published

on

රුසියානු – යුක්රේන් යුද්ධයේදී රුසියානු හමුදාවට එක්වීම සඳහා ශ්‍රී ලංකාවෙන් රුසියාවට පැමිණ ඇති ආරක්ෂක අංශ සාමාජිකයන් ගණන හා සටන්වලදී මියගිය ගණන කොපමණ දැයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරටින් වාර්තාවක් ඉල්ලා ඇත.

රුසියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් මෙම ඉල්ලීම රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය වෙත යොමු කර ඇත. ඒ මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය කළ දැනුම්දීමකට අනුවය.

රුසියානු හමුදාවට එක් කිරීමට ශ්‍රී ලංකා හමුදාවන්හි සේවයේ නිරත සාමාජිකයන් බටහිර තානාපති කාර්යාලයක නිලධාරින්ගේ සහායෙන් මෙරටින් රැගෙන යන ජාවාරමක් මීට පෙර අනාවරණ වී තිබිණ.

මේ අනුව ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට මෙවැනි ජාවාරම්වලට හසු නොවන ලෙසට දැනුම්වත් කරන්නැයි ආරක්ෂක අමාත්‍යාංශය ත්‍රිවිධ හමුදාපතිවරුන්ට දැනුම් දී ඇත.

මූලාශ්‍රය – අරුණ

Trending

Exit mobile version