පුවත්

රුසියානු හමුදාවේ සිටි ලංකාවේ හමුදා සාමාජිකයෙක් මරුට

Published

on

රුසියානු – යුක්රේන් යුද්ධයේ රුසියානු හමුදාවට එක්වී ඉදිරි ආරක්ෂක පෙරමුණක සටන් වැදීම සඳහා ගිය ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයකු ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්ව මියගොස් ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.

නිපුණ සිල්වා නමැති රුසියානු හමුදා සේවයට එක්වූ මෙම යුද හමුදා සෙබළා මරණයට පත්ව ඇත්තේ ඉදිරි ආරක්ෂක වළල්ලේ බංකර වෙත යුක්රේන් හමුදා ඩ්‍රෝන යානාවලින් එල්ල කළ ප්‍රහාරයකිනි.

බංකරයට එල්ල වූ ප්‍රහාරයෙන් පසු සහායට සිටි සේන බණ්ඩාර නමැති ශ්‍රී ලාංකික සෙබළා විසින් නිපුණ සිල්වා තුවාල මැද රැගෙන පසුබසිද්දී එල්ල වූ තවත් ඩ්‍රෝන ප්‍රහාරයකින් නිපුන මියගොස් ඇති බව පැවසේ.

මසකට ඇමරිකානු ඩොලර් තුන්දහසක වැටුපක් ගෙවන බව කියා සංචාරක වීසා මගින් මෙරට හමුදාවලින් සේවයෙන් ඉවත් වූ භටයන් හා නිලධාරීන් ඉන්දියාවට හා ඩුබායි වෙත රැගෙන ගොස් පෝලන්තය ඔස්සේ රුසියාවට රැගෙන යන බව හෙළිවී තිබිණි.

මීට පෙර මේ අයුරින්ම රුසියානු – යුක්රේන් යුද්ධයට එක්වීමට යුක්රේන් හමුදාවට එක්වූ කපිතාන් රතීෂ් හේවගේ ඇතුළු තිදෙනකු පසුගිය වසරේ රුසියානු ප්‍රහාරයකින් මරණයට පත්විය.

රොඩ්නි ජයසිංහ හා එම්. ප්‍රියන්ත යන දෙදෙනාගේ මළසිරුරු සටන් භූමියෙන් රැගෙන ඒම අපහසු වූ අතර කපිතාන් රතීෂ්ට යුක්රේනයේදී හමුදා ගෞරව මැද අවසන් කටයුතු සිදු කෙරිණි.

නිපුණ සිල්වා ජනවාරි මාසයේදී රුසියානු හමුදාවට එක්වී ඇත.

සබැඳි පුවත් :
යුක්රේන යුද්ධයට ගිය ලංකා හමුදාවේ 3ක් මරුට;  ‘කපිතාන් ඩෙන්ටිස්ට්’ ඒ අතර

Trending

Exit mobile version