Connect with us

පුවත්

රුහුණේ උපකුලපති දැඩි ස්ථාවරයක

Published

on

තමන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බව රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, අසත්‍ය චෝදනා එල්ල කරමින් ඉල්ලා අස්වෙන ලෙසට ඉල්ලීම් කළ ද තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් නොමැති බවය.

රුහුණු විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා ධුරයෙන් ඉවත් කරන ලෙස බලකරමින් එම විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය ඊයේ (19) දිනයේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබුණි.

මෙම ගැටලුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාරය හරිනි අමරසුරිය සහ විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව අතර විශේෂ සාකච්ඡාවක් ද ඊයේ පස්වරුවේ පවත්වනු ලැබීය.

කෙසේවෙතත් එහිදී සිය ගැටලුවට විසදුම් නොලැබීම හේතුවෙන් අඛණ්ඩව සත්‍යග්‍රහයක් ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සඳහන් කලේය.

එල්ල වන චෝදනා සම්බන්ධයෙන්රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතා,

“අධ්‍යාපන ඇමතිතුමියට, ලේකම්තුමියට හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට මම ඉල්ලා අස්වෙන්නේ නැති බව, ඒ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවත් දැන්වුවා. සමහර චෝදනාවලට මට විරුද්ධව විමර්ශන කිහිපයක් පැවැත්වෙලා තියෙනවා. ඒ සියලු විමර්ශනවලදී මට විරුද්ධව චෝදනා ඔප්පු කරන්න තරම් සාක්ෂි ඉදිරිපත් වෙලා තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ නෑ. එහෙම තිබුණා නම් මීට කලින් මට විරුද්ධව මට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න රජයකට පුළුවන්කම තිබුණා කියලා මම විශ්වාස කරනවා. විශ්වවිද්‍යාලයේ පීඨ 5ක් සම්පූර්ණයෙන්ම වැඩ. අනෙක් පීඨවලත් ආචාර්යවරු මේකට එකඟ නැති අය වැඩ. මේ වැඩවර්ජනය සාර්ථකයි කියලා මම විශ්වාස කරන්නේ නෑ. ඒකට හේතුව මගේ මර්දනය නෙමෙයි. ඒකට හේතුව ඔවුන්ගේ සටන්පාඨවල තියෙන දුර්වලකම.”

සබැඳි පුවත්
:

රුහුණු සරසවියේ වර්ජනය අදත්

රුහුණු සරසවියේ ආචාර්යවරු සහ අනධ්‍යන සංගම් වර්ජනයක





පුවත්

ලුණු කිලෝවකින් අතර මැදියෝ 100ක් ලාභ ගන්න බව හෙළිවෙලා!

Published

on

By

ඉන්දියාවෙන් ලුණු කිලෝවක් ආනයනය කිරීම සඳහා වැයවී ඇත්තේ රුපියල් 75 කට වඩා අඩු මුදලක් වූවත්, ලුණු කිලෝවක් රුපියල් 100 කට වැඩි ලාභයක් සහිතව අලෙවි කරන බවට තොරතුරු අනාවරණය වේ.

මෙරට ලුණු නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම නිසා ලුණු ආනයනය කිරීම සඳහා රජය පසුගියදා තීරණය කළේය. 

ඒ අනුව, පෞද්ගලික අංශයද මහා පරිමාණයෙන් ලුණු ආනයනය කිරීමට කටයුතු කළේය.

ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව ලුණු මෙට්‍රික් ටොන් 12,450 ක් ආනයනය කර ඇත. එම ලුණු තොග කිලෝවක් අලෙවි කර ඇත්තේ රුපියල් 74.75 කටය. 

ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව ඉන්දියාවෙන් ලුණු මිල දී ගත් මිල ජනතාවගෙන් වසංකර තිබෙන බව සිවිල් බුද්ධි පෙරමුණේ කැඳවුම්කරු සංජය මහවත්ත පවසන්නේය.

මේ අතර, ශ්‍රී ලංකා ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය ලුණු සඳහා උපරිම සිල්ලර මිලක් ද නියම කර ඇත. 

ඒ අනුව, කැට ලුණු කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 180 ක් වන අතර, ලුණු කුඩු කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 240 කි. 

ලුණු කුඩු ග්‍රෑම් 400 ක උපරිම සිල්ලර මිල රුපියල් 120 කි. 

කෙසේ නමුත්, මේ වනවිට වෙළෙඳපොළේ ලුණු කැට කිලෝවක් රුපියල් 320 ත් 350 ත් අතර මිලකටත්, ලුණු කුඩු ග්‍රෑම් 400 ක් රුපියල් 150 කටත් අලෙවි කෙරේ.

මූලාශ්‍රය – අරුණ

Continue Reading

පුවත්

අතුරුදහන් ධීවරයින් සොයා බෙල් 412 හෙළිකොප්ටරයක්

Published

on

By

මුහුදේ අනතුරට පත් ධීවර යාත්‍රා දෙකේ අතුරුදන්ව සිටින ධීවරයින් සොයා බෙල් 412 හෙළිකොප්ටරයක් යොදවන ලෙස ගුවන් හමුදාවට ආරක්ෂක ලේකම්වරයා විසින් උපදෙස් ලබාදී තිබේ.

ධීවර කටයුතු සඳහා දෙවුන්දර ධීවර වරායෙන් පිටත්වූ යාත්‍රාවක් සහ මොරගල්ල ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මෙලෙස අනතුරට ලක්වී ඇත.

දෙවුන්දර ධීවර වරායෙන් ඊයේ (27) සවස පිටත්ව ගිය යාත්‍රාවේ ධීවර කාර්මිකයින් 5 දෙනෙකු සිට ඇති බවට විශ්වාස කරනු ලබන අතර එම යාත්‍රාව වාණිජ නෞකාවක ගැටී මෙම අනතුර සිදුවී ඇති බවට සැක කරයි.

එම අනතුරින් එක් ධීවරයෙකු මුදාගෙන ගොඩබිමට රැගෙන විත් ඇති අතර අනෙකුත් ධීවරයින් සිව්දෙනා අතුරුදන්ව ඇතැයි වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධව නාවික හමුදාවට දැනුම්දීමෙන් අනතුරුව නාවික හමුදාව විසින් සෝදිසි මෙහෙයුම් යාත්‍රාවක් පිටත් කර යවා ඇත.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල මොරගල්ල ප්‍රදේශයේදී ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවර යාත්‍රාවක් පෙරලී එහි ගමන්ගත් ධීවරයින් දෙදෙනකු අතුරුදන්වී තිබුණි.

මෙසේ අතුරුදන්ව ඇත්තේ ධනුෂා මැරීන් නම් කුඩා ධීවර බෝට්ටුවේ ගමන්කළ අලුත්ගම ප්‍රදේශයේ පදිංචිව සිටින නඳුන් කුමාර සහ ඔහුගේ සහෝදරයා වන දුමින්ද නඳුන් කුමාර බව වාර්තා වෙයි.

Continue Reading

පුවත්

පොඩි සහරාන් අත්අඩංගුවට

Published

on

By

බෝරා උත්සවය පැවැත්වෙන කාල සීමාව තුළදී ඒ අවට ප්‍රදේශය තුළ සැරිසරමින් ජංගම දුරකථනයකින් වීඩියෝ ගත කළ පොඩි සහරාන් නමැති අනුවර්ත නාමයකින් පෙනි සිටින පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි.

සැකකරු සන්තකයේ තිබූ ස්මාට් වර්ගයේ ජංගම දුරකථනයද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු විසින් බම්බලපිටියේ දුම්රියපොළ හා බෝරා පල්ලිය ආවරණ පරිදි වීඩියෝ ගත කිරීමක් සිදුකර යම් අපරාධයක් සිදු කිරීමට පූර්ව උපාය යෙදීමට සැකපිට බෝරාපල්ලිය අසල දුම්රිය මාර්ගයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මහනුවර ශ්‍රීමත් කුඩාරක්වත්ත මාවත පදිංචි 27 හැවිරිදි සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත භාරදී ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved