Connect with us

පුවත්

රූපවාහිනියේ වත්ත බද්දට : YouTube ආදායම නිරයට

Published

on

ජාතික රූපවාහිනිය භූමියෙන් පර්චස් 80 ක් අවුරුදු 30 ක බදු ඔප්පුවකට විකිනීම සඳහා එහි සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් විසින් සැලසුම් කොට ඇතැයි වාර්තා වේ.

මේ සඳහා මැනීම් කටයුතු සිකුරාදා (22) සිදු කොට තිබේ.

එය සිදුකර ඇත්තේ සියලුම වෘත්තීය සමිති නිලධාරීන් රැස්වීමකට යයි කියා සභාපතිවරයා තම කාර්‍යාලයට කැඳවා තිබියදීය.

මෙම ඉඩම රුපියල් මිලියන 1100 කට පෞද්ගලික සරසවියකට විකුණා දැමීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

මේ වන විට පාඩු ලබමින් පවත්වාගෙන යන ජාතික රූපවාහිනිය දැනට රුපියල් මිලියන 1000 කට වඩා ණය වී ඇතැයි සේවකයෝ පවසති.

මේ අතර, ජාතික රූපවාහිනය තුළ ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිතිය පසුගාමීව කටයුතු කරන බවට ද සේවකයන්ගෙන් චෝදනා එල්ලවෙමින් ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මීට පෙර රූපවාහිනියේ සභාපතිවරයකුව සිටි සොනාල ගුණවර්ධන නැමැත්තා රූපවාහිනියේ යූටියුබ් ආදායම දිලිත් ජයවීර මහතාට අයත් පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් වන දෙරණේ ඩිජිටල් ක්‍රියාකාරිත්වය මෙහෙයවන “අයිඩියාහෙල් (IdeaHell)” නැමැති ආයතයට ලබාදීමෙන් පසුව අඩකින් පමණ අඩුවී ඇතැයි වාර්තා වේ.

කෙසේවුවද, මීට පෙර සෘජුවම රූපවාහිනියට ලැබුණ යූටියුබ් ආදායම දැන් ලැබෙන්නේ “අයිඩියාහෙල් (IdeaHell)” නැමැති ආයතනයට බවද පැවසේ.

ඩොලරය වැඩිවීමෙනෙත් පසුව මෙසේ ආදායම් අඩුවීමට හේතුව සම්බන්ධයෙන් රූපවාහිනියේ වත්මන් සභාපතිවරයා හෝ එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙතෙක් සොයා බලා නැතැයිද වාර්තා වේ.

මේ අතර, ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වූයේ “අයිඩියාහෙල් (IdeaHell)” ආයතනයෙන් රූපවාහිනියට ලැබිය යුතු මුදල් ලබා ගැනීමද මේවන විට ඉතා අසීරු වී ඇති බවයි.

එසේම, රූපවාහිනී සංස්ථාවේ යූටියුබ් නාලිකා කළමනාකරණය කිරීම සඳහා ගිවිසුම්ගතව සිටි විශ්මිත එන්ටප්‍රයිස් ආයතනය ඉන් ඉවත්කර සභාපතිවරයා හිතුමතේ මිත්‍ර සමාගමක් වන “අයිඩියාහෙල් (IdeaHell)” වෙත පැවරීමට එරෙහිව මේවන විට අභියාචනාධිකරණයේ නඩුවක් විභාගවෙමින් පවතී.

සබැඳි පුවත්
YouTube දෙරණට දුන්නට රූපවාහිනියට, සභාපතිට අතුරු තහනම් නියෝගයක්
රූපවාහිනියේ ඩිජිටල් ආදායම දෙරණට දී පඩි ගෙවන්න ට්‍රෙෂරියෙන් සල්ලි ඉල්ලයි
සොනාල බිස්නස් අරඹයි: රූපවාහිනියේ යු ටියුබ් දෙරණට
කට්ටිය අල්ලන් පුටුව බේරගත් සොනාල රූපවාහිනියම අමාරුවේදායි!

පුවත්

දින 9කදී ලංගම ආදායම රු. මිලියන 1,300 පන්නයි

Published

on

By

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා පවසයි.

ඔහු පැවසුවේ මේ වන විටත් අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක වන බස් සේවාවක් ක්‍රියාත්මක වන බවය.

විශේෂයෙන් මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයිද පැවසු ඒ මහතා පැවසුවේ ඒ අනුව මහනුවර – කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 150කට ආසන්න සංඛ්‍යාවක්ද යොදවා ඇති බවය.

එමෙන්ම පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා වන විට ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇතැයිද එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව CIDයට

Published

on

By

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

ඒ අනුව ජනාධිපති ලේකම් – නන්දික සනත් කුමානායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

Continue Reading

පුවත්

ඩෙංගු – චිකන්ගුන්‍යා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක්

Published

on

By

මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත කරනු ලබන මදුරුවන් හරහා චිකන් ගුන්‍යා රෝගය ද ව්‍යාප්ත වන බවය.

ඔහු පැවසුවේ දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව හේතුවෙන් බොහෝ පිරිස් විනෝද චාරිකා ගොස් ඇති බවත් මේ හේතුවෙන් නිවාස සහ අවට පරිසරය පිරිසිදු කර ගැනීමේ හැකියාව මග හැරී ගොස් ඇති බවය.

මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමේ හැකියාවක් ලැබී නොමැති බැවින් මදුරුවන් බෝ වන ස්ථාන වැඩි වී ඇතැයිද ඔහු පැවසීය.

ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝග පතුරුවනු ලබන්නේ එකම මදුරුවෙකු විසින් බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මේ හේතුවෙන් අවට පරිසරය නිරන්තර පිරිසිදු කරගනිමින් මදුරුවන් බෝවිම වළක්වා ගන්නා ලෙස ජනතාව දැනුවත් කරන බවය.

(අරුණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved