Connect with us

පුවත්

රූපවාහිනි ප්‍රවෘත්ති මණ්ඩලේ කචල්; හේතුව බන්දුලගේ පබ්ලිසිටි

Published

on

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධුරයට එහි පසුතල අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු වන ඉන්දික මාරසිංහ මහතා පත් කිරීම මේ වන විට සංස්ථාවේ අභ්‍යන්තර අර්බුදයක් බවට පත්ව තිබේ.

ඉන්දික මාරසිංහ ඊයේ (29) වන විටත් නව ධුරයේ වැඩ භාර ගැනීමට පැමිණ නොමැති අතර, ඔහු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධුරය සමග පසුතල අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුර ද ඉල්ලා සිටීම ඊට හේතු වී ඇතැයි සංස්ථාවේ ආරංචි මාර්ග සඳහන් කළේය.

මීට වසර කිහිපයකට පෙර ඉන්දික මාරසිංහ වැඩබලන ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන සමයේ ප්‍රවෘත්ති කාර්ය මණ්ඩලයෙන් එල්ල වූ විරෝධය යළි එල්ල වීමට පටන් ගෙන තිබෙන බවත් මේ නිසා ඔහු අධ්‍යක්ෂ ධුරය භාර නොගැනීමට බොහෝදුරට ඉඩ තිබෙන බවත් ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය.

එමෙන්ම සම්මුඛ පරීක්ෂණයකින් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධුරයට පත් වූ තිලක් මහගමගේ කිසිදු චෝදනාවකින් තොරව ඉවත් කළ නොහැකිය යන්න කාර්ය මණ්ඩලයේ අදහස වී තිබේ. 

තිලක් මහගමගේ මහතා පසුතල අංශයේ අධ්‍යක්ෂවරයා වශයෙන් පත් කර ඇත්තේ එම අංශයේ අධ්‍යක්ෂවරයකු සිටිය දී වීම කාර්ය මණ්ඩලවල විමතියට හේතු වී ඇත.

එමෙන්ම සම්මුඛ පරීක්ෂණයකින් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධුරයට පත්ව සිටින තිලක් මහගමගේ මහතාට එරෙහි චෝදනාවක් විභාග කර නොමැති හෙයින් පහළ තනතුරකට ඔහු පත් කිරීමට හැකියාවක් නොමැති වීම ගැටලුව තවත් සංකීර්ණ වීමට හේතු වී ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන සම්බන්ධ පුවත් සඳහා වැඩි ඉඩක් වෙන් නොකිරීම ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාව වන නමුත්, මේ දක්වා ඒ සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් පවත්වා නැතැයි ද වාර්තා වේ.

මේ අතර, රූපවාහිනියේ සභාපතිවරයාව සිටි ඩබ්ලිව්.බී. ගනේගල මහතා හදිස්සියේම ඒම ධූරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන්ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට චෝදනා එල්ලවී තිබේ.

කීර්තිමත් රාජ්‍ය ‌සේවකයකු වන ඒ් මහතාට ඉල්ලා අස්වන්නැයි නොදන්වා ඔහුව අදාළ ධූරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ගුණවර්ධන මහතාට ආණ්ඩුව තුළම අප්‍රසාදයට පත්ව ඇතැයි ද පැවසේ.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved