Connect with us

පුවත්

රූපවාහිනි සභාපති ඉල්ලා අස්වෙයි

Published

on

ආචාර්ය සෙනේෂ් බණ්ඩාර දිසානායක මහතා ජාතික රූපවාහිනියේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

අනුර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව මුලින් ජනමාධ්‍ය අමාත්‍යවරයා වූ විජිත හේරත් මහතා විසින් සෙනේෂ් බණ්ඩාර දිසානායක මහතා ජාතික රූපවාහිනියේ සභාපති ධුරයට පත් කරනු ලැබූ අතර ඉකුත් සැප්තැම්බර් 25 වැනිදා ඔහු අදාළ පත්වීම් ලිපිය ජනමාධ්‍ය අමාත්‍යවරයා අතින් ලබා ගත්තේය.

සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා කැලණිය විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය,පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ නිව්යෝර්ක් ෆිල්ම් ඇකඩමියේ විද්‍යාර්ථියෙක් වේ.

ජනසන්නිවේදනය විෂය වෙනුවෙන් ශාස්ත්‍රවේදී උපාධිය, ශාස්ත්‍රපති උපාධිය සහ දර්ශනසූරී උපාධිය ලබා ඇති ඔහු ලේඛකත්ව සහ සන්නිවේදනය ඩිප්ලෝමාධාරියෙකි.

පුවත්

පිල්ලෙයාන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Published

on

By

හිටපු අමාත්‍යවරයකු වන සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ඒ, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලමින් ය.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති මාධව ගුණවර්ධන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාල, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, ආරක්ෂක ඇමතිවරයා සහ නීතිපතිවරයා නම් කර තිබේ.

Continue Reading

පුවත්

හරක් කටාගේ ප්‍රකාශය ගැන විමර්ශන ඇරඹෙයි

Published

on

By

නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක් කටා” විසින් කොළඹ මහාධිකරණ භූමියේදී සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක් කටා” නැමති සංවිධානාත්මක අපරාධකරු පසුගිය දා (14) කොළඹ මහාධිකරණය වෙත නඩු කටයුත්තක් සඳහා රැගෙන ඒමේදී සහ නැවත අධිකරණ භූමියෙන් රැගෙන යාමේදී මාධ්‍ය වෙත ටිරාන් අලස් මහතා සහ දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදුකර තිබුණි.

ඒ, සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීම සඳහා ත්‍රස්ත විමර්ශන
කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් පත් කර ඇති අතර ඊයේ (15) දින විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පැවසීය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ඉන්දියාවේ සිට නීතිවිරෝධීව පැමිණි පිරිසක් යාපනයේදී අත්අඩංගුවට

Published

on

By

ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයින් 6 දෙනෙකු යාපනය වැල්වැටිතුරෙයි මුහුදු ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කවල පදිංචි දැරියන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙක් සහ යාපනය වැල්වැටිතුරෙයි පදිංචි පුද්ගලයින් දෙදෙනෙකි.

වැල්වැටිතුරෙයි පදිංචි පුද්ගලයින් දෙදෙනා අදාළ පිරිස රැගෙනඒම සඳහා මෙරට සිට යාත්‍රාවක් රැගෙන ගිය අය ය.

වැඩිදුර විමර්ශනවලදී හෙළිවී ඇත්තේ අනෙක් සිව්දෙනා මෙරට සිට නීතිවිරෝධී අයුරින් ඉන්දියාවට ගොස් එහිදී ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ට හසුවී රඳවා සිටි පිරිසක් බවය.

ඔවුන් මෙලෙස යළි මෙරටට ඇතුළුවීමට උත්සාහ ගැනීමේදී යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved