Connect with us

පුවත්

රූප සුන්දරීට පෙම්වතුන් ගුටි ඇනගෙන; අනුග්‍රහය ශ්‍රීලංකන්?; සුන්දරී ඇන්ජලියා

Published

on

ඇමරිකාවේ සවුත්බීච් වැන්ඩර්බිලට්හි පැවති ”මිස් ශ්‍රී ලංකා නිව්යෝර්ක්” තරගාවලිය පැවැත්වෙන අතරතුර එම තරගයට සහභාගී වූ තරගකාරියකගේ කලින් පෙම්වතා සහ වත්මන් පෙම්වතා ඇතුළු පිරිසක් අතරේ ඇතිවූ ගැටුමකින් එම තරගය පැවැත්වූ උත්සව ශාලාවට දැඩි අලාභ හානි සිදුව ඇති බව වාර්තා වේ.

එම ගැටුම ඇති කරගෙන ඇත්තේ ඇමරිකාවේ සැටර්න් අයිලන්ඩ් සහ ක්වීන්ස් යන ප්‍රදේශ දෙකේ ජීවත්වන ලාංකිකයන් දෙපාර්ශ්වයක් අතරය.

එම සිදුවීමෙන් පසුව සැටර්න් අයිලන්ඩ් හි තිබෙන සුඛෝපභෝගී උත්සව ශාලා 05 ම නිවේදනයක් නිකුත් කර ඇත්තේ මින් පසු ශ්‍රී ලංකාවේ පුද්ගලයන් මැදිහත්වීමෙන් පවත්වන කිසිඳු උත්සව අවස්ථාවකට තම උත්සව ශාලාව ලබා නොදෙන බවය.

එසේම මෙම ගැටුම ඇති කරගත් උත්සව ශාලාව ආසන්නේ බෞද්ධ විහාරස්ථානයක්ද තිබෙන අතර එම විහාරස්ථානයද නිවේදනය කර ඇත්තේ මේ දිනවල එහි කඨින පින්කම් පැවැත්වෙන බවත් මින් පසු කිසිඳු මහජන ඒකරාශී කටයුත්තක් ඒ ආසන්නයේ සිදුනොවිය යුතු බවය.

මෙම කණ්ඩායම් දෙක අතර ඇතිවූ ගැටුම හේතුවෙන් එහි සිටි පනහකට අධික පිරිසකට තුවාල සිදුව ඇත.

මෙම උත්සව ශාලාවේ සිටි ආරක්ෂක නිලධාරීන් විසින් ගැටුම ඇති කරගත් සියලුම දෙනා ඉන්පසුව ශාලාවෙන් එළියට දමා ඇත.

තරග පැවැත්වූ උත්සව ශාලාවෙන් බැහැරව මහමගට පැමිණද මෙම පිරිස් ගැටුම් ඇති කරගත් ආකාරය පිළිබදව වීඩියෝවක් සමාජ මාධ්‍ය මගින් මේ වන විට ප්‍රචාරය වේ.

එහි දැක්වෙන්නේ ශාලාවේ තිබූ සැරසිලි අලංකරණ විදුරු භාණ්ඩ ඇතුළු වටපිටාවේ තිබූ සියලුම භාණ්ඩවලට ගැටුම ඇති කරගන්නා පිරිස අලාභ හානි කරන ආකාරයය.

කෙසේවෙතත් මෙම ස්ථානයට පොලිස් නිලධාරින් පැමිණ ඇති අතර දෙපාර්ශ්වයම සාමදාන වීමට එකඟවූ නිසා කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැත.

කෙසේ වෙතත් මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වී ඇත්තේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් වන අතර මෙම උත්සවය සඳහා අනුග්‍රහය දක්වා ඇත්තේ ශ්‍රී ලංකා එයාර් ලයින් ආයතනයේ ඉහළ නිලධාරියෙකු බව වාර්තා වේ.

මේ අතර මිස් ශ්‍රී ලංකා නිව් යෝර්ක් ලෙස කිරුළු පැළඳ ඇත්තේ ඇන්ජලියා ගුණසේකර වන අතර මෙවැනි තරගයක් එරට සංවිධානය කර ඇත්තේ පළමු වරටය.

මෙම තරගය සඳහා තරගකාරියන් 14 දෙනකු සහභාගී වී ඇති අතර එම අවස්ථාව සඳහා 300කට අධික පිරිසක් පැමිණ සිටිබව පැවසේ.

මූලාශ්‍රය – අරුණ

Continue Reading

පුවත්

දින 9කදී ලංගම ආදායම රු. මිලියන 1,300 පන්නයි

Published

on

By

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා පවසයි.

ඔහු පැවසුවේ මේ වන විටත් අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක වන බස් සේවාවක් ක්‍රියාත්මක වන බවය.

විශේෂයෙන් මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයිද පැවසු ඒ මහතා පැවසුවේ ඒ අනුව මහනුවර – කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 150කට ආසන්න සංඛ්‍යාවක්ද යොදවා ඇති බවය.

එමෙන්ම පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා වන විට ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇතැයිද එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව CIDයට

Published

on

By

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

ඒ අනුව ජනාධිපති ලේකම් – නන්දික සනත් කුමානායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

Continue Reading

පුවත්

ඩෙංගු – චිකන්ගුන්‍යා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක්

Published

on

By

මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත කරනු ලබන මදුරුවන් හරහා චිකන් ගුන්‍යා රෝගය ද ව්‍යාප්ත වන බවය.

ඔහු පැවසුවේ දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව හේතුවෙන් බොහෝ පිරිස් විනෝද චාරිකා ගොස් ඇති බවත් මේ හේතුවෙන් නිවාස සහ අවට පරිසරය පිරිසිදු කර ගැනීමේ හැකියාව මග හැරී ගොස් ඇති බවය.

මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමේ හැකියාවක් ලැබී නොමැති බැවින් මදුරුවන් බෝ වන ස්ථාන වැඩි වී ඇතැයිද ඔහු පැවසීය.

ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝග පතුරුවනු ලබන්නේ එකම මදුරුවෙකු විසින් බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මේ හේතුවෙන් අවට පරිසරය නිරන්තර පිරිසිදු කරගනිමින් මදුරුවන් බෝවිම වළක්වා ගන්නා ලෙස ජනතාව දැනුවත් කරන බවය.

(අරුණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved