පුවත්

රූමත් ළදරු පාසල් ගුරුවරිය අභිරහස් ලෙස මරාදාලා!

Published

on

පේරාදෙණිය ඉළුක්වත්ත ප්‍රදේශයේ දී විසිපස් හැවිරිදි පෙර පාසල් ගුරුවරියකගේ ගෙළ කපා  අද (07) උදෑසන ඝාතනය කර ඇතැයි  පේරාදෙණිය පොලීසිය  කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මුරුතලාවේ පදිංචි අංජලී චාපා (25) නැමැති තරුණියකි.

පෙර පාසලේ පැවැත්වීමට සූදානම් කර තිබූ අලුත් අවුරුදු උත්සවයට සහභාගි වීම සඳහා අද පෙරවරුවේ යමින් සිටියදී  ගිනිහේන සුසාන භූමිය අසළ දී කිසිවකු  ඇයගේ ගෙල කපා මෙම ඝාතනය සිදු කර ඇතැයි  තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.

පෙර පාසල් ගුරුවරිය නිවසේ සිට එන අතරතුර දුරකතනයෙන් කිසිවකු හා කතා කරමින් ගොස් තිබෙන බවට තොරතුරු අනාවරණය වී තිබෙන අතර ඇගේ ජංගම දුරකතනය ඔස්සේ දත්ත ලබා ගනිමින් සැකකරු හඳුනා ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ පවත්වන බවද පොලීසිය කියයි.

සැකකරු මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවද පොලීසිය කියයි.

(ලංකාදීප)

Trending

Exit mobile version