Connect with us

පුවත්

“රෙජිනෝල්ඩ්ගේ මරණය මම නිසා වුණ එකක් නෙවෙයි”

Published

on

හිටපු ඇමැතිවරයෙකු වූ රෙජිනෝල්ඩ් කුරේගේ මරණය සිදුවූයේ තමා හා සිදුවූ වචන හුවමාරුවක් බවට නැගෙන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව උත්තරලංකා සභාගයේ නියෝජිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි ගෙවිදු කුමාරතුංග මහතා කියයි.

නැගෙන චෝදනාව ගැන මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව කීවේය.

හෘද සැත්කමකට ලක්කර සිටි ඔහු වෛද්‍ය උපදෙස් නොපිළිපැදීම නිසා මෙම මරණය සිදුව ඇති බව මන්ත්‍රිවරයා පෙන්වා දෙන්නේය. ‍

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගෙවිදු කුමාරතුංග මන්ත්‍රිවරයා මෙසේද කීවේය.

අලුතින් පිහිටුවන ලද ශ්‍රී ලංකා නිදහස් සන්ධානයේ කලුතර දිස්ත්‍රික්කයේ කැඳවුම්කරුවෙකු පත්කර ගැනීම සඳහා ඊට සම්බන්ධ පක්ෂවල නියෝජිතයන් රැස්වුණා. උත්තර ලංකා සභාගය වෙනුවෙන් මමත් ජයන්ත කැටගොඩ මන්ත්‍රිවරයාත් ඊට සහභාගී වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් රෙජිනෝල්ඩ් කුරේත් එම පක්ෂයේ විධායක සභික සුරංජිතුත් සහභාගී වුණා. එදින රෙජිනෝල්ඩ් කුරේ ඇහුවා මෙම සභාගයේ හවුල්කාර සම සමාජ පක්ෂය නැත්තේ ඇයි කියලා. ඒ ගැන මම පැහැදිලි කරලා කීවා. අපේ උත්තර ලංකා සභාගය ගත්ත තීරණය ගැන. එතන වාද කරන්නවත් දෙයක් තිබුණේ නැහැ. එතුමා ආවේගශීලිව පිළිතුරු දෙන්න උත්සහා කළා. ඒ වෙලාවේ එතුමා එක්ක හිටපු අය කිව්වා සර් හෘද සැත්කම කරල දින තුනයිනේ. අවේගශීලි වෙන්න එපා කියලා. ඊට පස්සේ එතුමා නැගිටිලා ඇවිදගෙනම පිටතට ගියා. ඔහු පිටතට හැරලූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභික සුරංජිත් යළි සාකච්ඡාවට පැමිණ කීවා එතුමා අසනීප තත්ත්වය නිසා පෞද්ගලික රෝහලකට ගෙන ගියා කියලා. එතකොටයි අපි දන්නෙත් මෙතුමා රෝගී තත්ත්වයකින් හිටියේ කියලා.

එතුමා දැන ගන්න ඕන හෘද සැත්කමක් කළා නම් වෛද්‍ය උපදෙස් පිළිපදින්න ඕන කියලා. එහෙම සැත්කමක් කළා නම් යම් කාලයක් විවේක සුවයෙන් පසුවෙන්න ඕන. එතුමා සාකච්ඡාවේදී මගේ ඉදිරියේ වැටුණා කියන්නෙත් බොරු. එතුමා එළියට ඇවිදගෙන ගියාට පසුවයි එතුමා එක්ක හිටපු අය එතුමව රෝහල් ගත කරල තියෙන්නේ. මොනව වුණත් එතුමා අවාසනාවන්ත අන්දමින් මිය යාම ගැන මා කනගාටු වෙනවා.

(අරුණ)

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved