Update – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කළුතර දිස්ත්‍රික් නායක හිටපු බස්නාහිර පළාත් මහ ඇමති රෙජිනෝල්ඩ් කුරේ අභාවප්‍රාප්ත වී තිබේ.
ඊයේ (12) රාත්‍රි වාද්දුව හෝටලයක පැවතී රැස්වීමක් අතරතුර හදිසි හෘද ආබාධයකට ලක් වී රෝහල් ගතකර ඇති හිටපු මහ ඇමතිවරයා ගිලන් රථයකින් කළුතර ශීක්ෂණ රෝහලට රැගෙනයන විට මිය ගොස් ඇති බව වාර්තා වේ.
—රෙජිනෝල්ඩ් කුරේ රෝහල්ගත කරයි!
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කළුතර දිස්ත්‍රික් නායක හිටපු බස්නාහිර පළාත් මහ ඇමති රෙජිනෝල්ඩ් කුරේ මහතා හදිසි හෘදයාබාධයකට ලක්වීම හේතුවෙන් රෝහල් ගත කර තිබේ.
හිටපු බස්නාහිර පළාත් මහ ඇමති රෙජිනෝල්ඩ් කුරේ ඊයේ (12) රාත්‍රීයේ වාද්දුව ප්‍රදේශයේ හෝටලයක පැවැති රැස්වීමක් අතරතුර මෙලෙස හදිසි හෘදයාබාධයකට ලක්ව ඇති බව වාර්තා වේ.
එම ස්ථානයේ සිටි පිරිසක් වහාම හිටපු මහ අමාත්‍යවරයාව පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර, ඔහුගේ තත්ත්වය බරපතළ බැවින් ගිලන් රථයකින් කළුතර ශීක්ෂණ රෝහලට යොමුකළ බව රෝහල් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.