පුවත්

රේගුවේ පගා මරුවෝ කිරිපිටි තොගයකට කෙරුව හරිය මෙන්න!

Published

on

ආනයනය කරන ලද කිරිපිටි තොගයක් පරිභෝජනයට නුසුදුසු වීම හේතුවෙන් සත්ත්ව ආහාර බවට පත්කිරීමට සිදුව ඇති බව වාර්තා වේ.

පසුගිය ජූලි මාසයේදී ආනයනය කළ බහාලුම් 4 ක පවතින කිරිපිටි කිලෝග්‍රෑම් ලක්ෂයක තොගයක් මෙලෙස සත්ත්ව ආහාර බවට පත් කිරීමට සැලැසුම් සකස්කරමින් ඇතැයි පැවැසේ.

රේගු නිලධාරින් පිරිසක් විසින් එම කන්ටේනර් නිකුත් කිරීම සඳහා කොමිස් මුදලක් ඉල්ලීම හේතුවෙන් එය ලබා නොදීමේ තත්ත්වය තුළ එම නිලධාරීන් කන්ටේනර් මුදාහැරීමට කටයුතු නොකරන බවට චෝදනා එල්ලවෙයි.

කෙසේවුවද, රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා අදාළ චෝදනාව ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ මහතා පෙන්වාදෙන්නේ එම කිරිපිටි බහාලුම් මුදාහැරීම පිළිබඳ ගැටලුවක් පවතින්නේ නම් එය ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුව හරහා විසඳාගත යුතු බවයි.

මේ අතර දේශීය කිරිපිටි සමාගම් වසාදැමීමේ කුමන්ත්‍රණයක් මෙරට ක්‍රියාත්මක වෙමින් පවතින බවට ද කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය චෝදනාවක් එල්ලවී තිබේ.

මේ චෝදනාව සෘජුව එල්ලව ඇත්තේ ආරියශීලී වික්‍රමනායක මහතා ඇතුළු පිරිසකටය.

ආනයනය කරනු ලබන කිරිපිටි තොග නියමිත පරිදි රේගුවෙන් නිදහස් නොකර ඒවා ජාවාරම්කරුවන් අතට පත් කිරීමේ උත්සාහයක නිලධාරීන් නිරත වෙමින් සිටින බවට ඔවුන් චෝදනා කරයි.රේගුවේ පගා මරුවෝ කිරිපිටි තොගයකට කෙරුව හරිය මෙන්න!

ආනයනය කරන ලද කිරිපිටි තොගයක් පරිභෝජනයට නුසුදුසු වීම හේතුවෙන් සත්ත්ව ආහාර බවට පත්කිරීමට සිදුව ඇති බව වාර්තා වේ.

පසුගිය ජූලි මාසයේදී ආනයනය කළ බහාලුම් 4 ක පවතින කිරිපිටි කිලෝග්‍රෑම් ලක්ෂයක තොගයක් මෙලෙස සත්ත්ව ආහාර බවට පත් කිරීමට සැලැසුම් සකස්කරමින් ඇතැයි පැවැසේ.

රේගු නිලධාරින් පිරිසක් විසින් එම කන්ටේනර් නිකුත් කිරීම සඳහා කොමිස් මුදලක් ඉල්ලීම හේතුවෙන් එය ලබා නොදීමේ තත්ත්වය තුළ එම නිලධාරීන් කන්ටේනර් මුදාහැරීමට කටයුතු නොකරන බවට චෝදනා එල්ලවෙයි.

කෙසේවුවද, රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා අදාළ චෝදනාව ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ මහතා පෙන්වාදෙන්නේ එම කිරිපිටි බහාලුම් මුදාහැරීම පිළිබඳ ගැටලුවක් පවතින්නේ නම් එය ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුව හරහා විසඳාගත යුතු බවයි.

මේ අතර දේශීය කිරිපිටි සමාගම් වසාදැමීමේ කුමන්ත්‍රණයක් මෙරට ක්‍රියාත්මක වෙමින් පවතින බවට ද කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය චෝදනාවක් එල්ලවී තිබේ.

මේ චෝදනාව සෘජුව එල්ලව ඇත්තේ ආරියශීලී වික්‍රමනායක මහතා ඇතුළු පිරිසකටය.

ආනයනය කරනු ලබන කිරිපිටි තොග නියමිත පරිදි රේගුවෙන් නිදහස් නොකර ඒවා ජාවාරම්කරුවන් අතට පත් කිරීමේ උත්සාහයක නිලධාරීන් නිරත වෙමින් සිටින බවට ඔවුන් චෝදනා කරයි.

Trending

Exit mobile version