පුවත්

රේගුව ආණ්ඩුවට දෙන්න ඕන බදුත් ඔත්තුකාරයින්ට බෙදලා

Published

on

රේගු ආඥා පනතේ නීතිරීතිවලට පටහැණිව 2022/ 2023 වසරේදී රේගු ඔත්තුකරුවන්ට සහ ත්‍යාගලාභීන්ට විවිධ හේතු මත ප්‍රමුඛත්වය ලබා දී තෑගි මුදල් වශයෙන් රුපියල් කෝටි 72 පමණ මුදලක් ගෙවා ඇති බව නවතම විගණන වාර්තාවකින් හෙළිව තිබේ.

පවත්නා නීතිය අනුව රේගු වැරදි සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනවලදී එම වැරදිවලට අදාළව කරන බදු අයකිරීම් රාජ්‍ය ආදායමට බැර කළ යුතුය.

එහෙත් එසේ නොකර රේගුවට හිමි බදු ආදායමද දණ්ඩනයක් ලෙස සලකා එසේ පනවනු ලබන දඩ මුදලින් 50% ක් (සියයට පනහක්) රේගු නිලධාරීන්ට සහ ඔත්තුකරුවන්ට ගෙවීමෙන් රාජ්‍ය ආදායමට විශාල අගතියක් සිදුවිය. 
ඒ බව රාජ්‍ය විගණන අංශ විසින් වසර ගණනාවක් තිස්සේම පෙන්වා දී ඇතත් ඒ බව නොසලකා දිගින් දිගටම රේගු නිලධාරීන්ට බෙදා දුන් ත්‍යාග මුදල් ප්‍රමාණය වැඩි කර ඇති බව මෙම විගණන වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

මේ සියලු විස්තර සහිත විගණන වාර්තාව පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම්කාරක සභාව වෙත මේ වනවිට ඉදිරිපත් කර ඇතැයි ද පැවසේ.

මූලාශ්‍රය – දේශය

Trending

Exit mobile version