Connect with us

පුවත්

රේගු ඉතිහාසයේ වාර්තා කළ ඉහළම රේගු ආදායම

Published

on

ඉතිහාසයේ පළමු වතාවට මෙම වසරේ ගත වු මාස  08ක කාලය තුළ  රේගු ඉතිහාසයේ වාර්තා කළ ඉහළම රේගු ආදායම වශයෙන් රුපියල් බිලියන 1000ක් උපයා තිබේ.

2024 වසරේ අපේක්ෂිත ආදායම් ඉලක්කය වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද තහවුරු කර ඇත්තේ රුපියල් බිලියන 1534කි.  නමුත් 2024 වසරේ මාස 08ක් අවසන් වන විට බිලියන 1000ක ආදායම් ඉලක්ක ළගා කර ඇති හෙයින් ඉදිරි මාස 04 තුළ වසරේ අපේක්ෂිත ඉලක්කය වෙත ළගා විය හැකි බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතා පවසයි. 

මීට පෙර ඉතිහාසයේ ඉහළම ආදායම් වාර්තාව හිමිකරගත්තේ පසුගිය 2023 වර්ෂයේ බවත්, එම වසරේ සමස්ත රේගු ආදායම රුපියල් බිලියන 975ක් බවත් ඔහු පෙන්වා දෙයි. සාමාන්‍යයෙන් සමස්ත රේගු ආදායමින් 25%-30%ත් අතර අගයක් වාර්තා වන්නේ මෝටර් රථ ආනයනය මත වන අතර එම අගය මෙම වසරේ දෙකෙහිදීම මෝටර් රථ ආනයනය සීමා කර ඇති හෙයින් 6%ටත් අඩු අගයක පවතින බව ද සරත් නෝනිස් මහතා පෙන්වා දෙයි. 

මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ රාජ්‍ය අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය හා ෂෙහාන් සේමසිංහ යන මහත්වරුන්ගේ නායකත්වය මගපෙන්වීම හා දායකත්වය සේම තම දෙපාර්තමේන්තුවේ කටයුතු ස්වාධීනව කිසිදු බලපෑමකට යට නොවී ක්‍රියාත්මක වීමේ නිදහස ලබාදීම මත මෙම තත්ත්වයට පහසුවෙන් ළගා වීමට හැකියාව ලැබුණු බව ද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි. 

පසුගිය වසර දෙකක කාලය තුළ රේගු දෙපාර්තමේන්තුවේ බොහෝ සාධනීය වෙනස්කම් වෙත ප්‍රවේශවීමට හැකි වූ බවත්, අලුත් ක්‍රමවේද හා තාක්ෂණික මෙහෙයුම් ක්‍රියාවලිය ඔස්සේ සියලු නිලධාරීන්ට ක්‍රියාත්මකවීමේ පහසුව ගොඩනැංවීමට හැකියාව ලැබී ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
ක්‍රමවේද ආශ්‍රිතව පැවති වංචා හා දූෂණ දුරු කරමින් හොර ජාවාරම් සම්පූර්ණයෙන් අත්හිටුවමින් වැඩකටයුතු කිරීමට සමස්ත රේගු කාර්ය මණ්ඩලය ලබාදුන් දායකත්වය ද මීට මනා පිටිවහලක් වු බව සරත් නෝනිස් මහතා පවසයි. 

ස්ථාන මාරුවීම් සහ සමස්ත රේගු පරිපාලන ක්‍රමවේද විධිමත්ව සිදු කිරීමටත් වාර්ෂික ක්‍රියාකාරි සැලැස්මක් යටතේ සමස්ත රේගු දෙපාර්තමේන්තුවම මෙහයවමින් එය නිතැතින් විමසමින් හා අත්‍යාවශ්‍ය ගුණාත්මක වෙනස්කම් සිදු කරමින් පරිපාලන කටයුතු තවදුරටත් සිදු කෙරේ. 

පුවත්

හිටපු ඇමති ඩලස්ගේ WhatsApp හැක් වේ

Published

on

By

හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ වට්ස්ඇප් ගිණුම අනවසර පුද්ගලයින් විසින් හැක් කර ගෙන ඇති බව වාර්තා වේ.

හිටපු අමාත්‍යවරයා ද සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් සිය වට්ස් ඇප් අංකයෙන් ලැබෙන පණිවුඩ සඳහා ප්‍රතිචාර නොදක්වන ලෙස ඉල්ලීමක් සිදුකර තිබේ.

මෙම ගිණුම භාවිතා කරමින් වංචනික පණිවිඩ හරහා මුදල් ඉල්ලීම් සිදුවෙමින් පවතී. පැතිරෙන පණිවිඩයේ අන්තර්ගතය මෙසේය:

“මම මිතුරෙකුට මුදල් යැවීමට උත්සාහ කළනවා, නමුත් එය යැවිය නොහැකියි. මගේ විස්තරවල ගැටලුවක් ඇති බව පෙනෙනවා. ඔබට හැකි නම්, එම පුද්ගලයාගේ විස්තරවලට රු.100,000ක් යැවීමට උපකාර කරන්න. මම හෙට උදේම එම මුදල ආපසු ගෙවනවා.”

හිටපු අමාත්‍යවරයා විසින් එක්කරන ලද සටහන

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි ( සජීවී විකාශය )

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

එහි සජීවි විකාශය,

Continue Reading

පුවත්

බෝකුන්දර ලී අලෙවි සැලක ගින්නක්

Published

on

By

පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ ගින්නක් හට ගෙන තිබේ.

කොළඹ පිළියන්ල මාර්ගයේ බෝකුන්දර ප්‍රදේශයේ පිහිටි ලී අලෙවි සැලක මෙම ගින්න හට ගෙන ඇති බව සඳහන්ය.

ගින්න නිවීම සඳහා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනිනිවන රථ ‍4ක් පිටත් කර ඇති බව එහි ගිනි නිවීමේ ඒකකය පවසයි.

එම ඒකකය තවදුරටත් පවසන්නේ කොළඹ ගිනි නිවීමේ ඒකකයේ සහායද ගින්න නිවීම සඳහා ලබා ගැනීමට පියවර ගෙන ඇති බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved