Connect with us

පුවත්

රේගු පරීක්ෂකවරයෙක් කංසා තෙල් පන්නන්න ගිහින් මාට්ටු වෙයි

Published

on

රුපියල් කෝටි 3කට අධික වටිනාකමින් යුත් කංසා තෙල් පාර්සලයක් නිදහස් කරගැනීමට උත්සාහ කළ රේගු පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අමෙරිකා එක්සත් ජනපදයේ සිට මාලඹේ ප්‍රදේශයේ පුද්ගලයකු වෙත එවා තිබූ අදාළ පාර්සලය රේගු පරීක්ෂකවරයා විසින් ඉවත් කරගැනීමට උත්සාහ කර ඇති බව සඳහන් ය.

කෙසේවෙතත් කංසා තෙල් කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම්200ක් සමග ඔහු අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ මහතා පැවසීය.

එම කංසා තොගයේ වටිනාකම රුපියල් තුන්කෝටි 20ක් බව සඳහන් ය.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් රේගු පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කර ඇති බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පුවත්

FAO පර්යේෂණ නෞකාවට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ පර්යේෂණ කිරීමට අවසර

Published

on

By

ශ්‍රී ලංකා මුහුදු තීරයේ පර්යේෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිත ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) පර්යේෂණ නෞකාව සඳහා ශ්‍රී ලංකාව අවසර ලබා දී තිබේ.

අගෝස්තු 15 සිට 20 දක්වා කාල සීමාව තුල එම නෞකාව මෙරට මුහුදු තීරයේ සිය පර්යේෂණ කටයුතු සිදුකරනු ඇත.

අදාළ නෞකාවට ශ්‍රී ලංකා භෞමික ජල තීරයේ විද්‍යාත්මක පර්යේෂණ සිදු කිරීම සඳහා ශ්‍රී ලංකාව නිල වශයෙන් අවසර ලබා දී ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

මෙය, මත්ස්‍ය තොග, ජෛව විවිධත්වය සහ සාගර විද්‍යාත්මක තත්ත්වයන් පිළිබඳ වැදගත් දත්ත රැස් කරන පර්යේෂණ නෞකාවකි.

මෙම නෞකාව,  ශ්‍රී ලංකා ජල තීරයේ පර්යේෂණ කටයුතු සිදු කිරීමට උත්සාහ කළ නමුත්, විදේශීය පර්යේෂණ යාත්‍රා සඳහා සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටි (SOPs) නොමැති විට රජය මීට පෙර එයට ප්‍රවේශ වීම ප්‍රතික්ෂේප කර තිබුණි.

යම්හෙයකින් මෙම පර්යේෂණ නෞකාවට මෙරටට පැමිණීමට හිමි නොවුවහොත්, ඒ හේතුවෙන් ලංකාවට ඩොලර් මිලියනකට වඩා අධික ආධාර අහිමිවීමටත්, අනාගත හරිත දේශගුණික අරමුදල් මුලපිරීම් වලට බලපෑම් ඇතිවීමටත් ඉඩතිබුණු බවටද මීට පෙර වාර්තා විය.  තවද, මෙම නෞකාව 2030 වසරට පෙර යළිත් ලංකාවට පැමිණීමේ අවස්ථාවක් නොපැවතිනි.

විදේශීය පර්යේෂණ යාත්‍රා සඳහා වසරක් පුරා පැවති තහනම 2024 දෙසැම්බර් මාසයේදී කල් ඉකුත් වූ අතර, ඉන්පසු 2025 ජනවාරි අගදී ශ්‍රී ලංකාවේ විදේශීය පර්යේෂණ යාත්‍රා සඳහා රාජ්‍ය තාන්ත්‍රික අවසරය ලබා දීම සඳහා SOP සංශෝධනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට කැබිනට් තීරණයක් ගන්නා ලදී.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

අල්ලස් කොමිසමට පැමිණි සේනාධිපති පිටව යයි (UPDATE)

Published

on

By

අල්ලස් කොමිසම විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සිය ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගොස් තිබේ.


(පෙර පුවත 2025 ජූනි 23 ප.ව.3.13 )

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද (23) පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබේ.

ඒ අල්ලස් කොමිසම විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහාය.

ඒ අනුව අද පෙරවරු 10.00ට පමණ පැමිණි ඔහු මේ වන විටත් ප්‍රකාශ ලබා දෙමින් සිටින බවද වාර්තා වේ. 

Continue Reading

පුවත්

අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාට ඇප

Published

on

By

සිරකරුවෙකු ජනපති සමාව මුවාවෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කරන ලද අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාට ඇප නියම කර තිබේ.

ඒ, එම නඩුව අද (23) කැඳවූ අවස්ථාවේදීය.

ඔහුට ලක්ෂ පහ බැගින් ශරීර ඇප දෙකක් හා විදෙස් ගමන් තහනම් කිරීමක්ද සමඟින් මෙම ඇප නියම කරන ලදී.

මහෙස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර ඇත්තේ සාක්කිකරුවන්ට බලපෑම් කිරීම සපුරා තහනම් බවය.

මෙම නඩුව යළිත් අගෝස්තු 04 වැනිදා යළි කැඳවීමට නියමිතය.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved