පුවත්

රේණුකගෙන් නලින්දට ලියුමක්

Published

on

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා විසින් ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

ඒ පසුගිය 03 වන දින පැවති රජයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදි හා පාර්ලිමේන්තුවේදී නලින්ද ජයතිස්ස මහතා ඔහු සම්බන්ධව කරන ලද ප්‍රකාශය සම්බන්ධවය.

දේශපාලන ජීවිතය තුළ කිසිදු අවස්ථාවක තමා ජාතිවාදියෙකු නොවූ බැවින් අමාත්‍යවරයා විසින් සිදු කළ නිර්ලජ්ජිත ප්‍රකාශය පිළිකුළිත් යුතුව හෙළා දකින බවයි ඔහු පවසයි.

රේණුක පෙරේරා මහතා එම ලිපිය මගින් පවසා ඇත්තේ, නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා නියෝජනය කළ මුල් දේශපාලන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ ජාතිවාදය හා ත්‍රස්තවාදය මේ රට තුළ ක්‍රියාත්මක කරන ලද සෑම අවස්ථාවකම එයට විරුද්ධව ඔහු පෙනී සිට ඇති බවය.

කෙසේවෙතත් තමාගේ මුහුණු පොතෙහි බාගත කරන ලද ඡායාරූපයක් නලින්ද අමාත්‍යවරයා විසින් ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පෙන්වූ බවත්, එහි සිටින පුද්ගලයා එල්.ටී .ටී.ඊ ධජය පොරවාගෙන සිටියද එහි ලියා ඇති කවියෙන් කියවෙන්නේ දමිල ජාතික විරෝධයක් නොව එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී සංවිධානයට විරෝධයක් බවයි ඔහු අවධාරණය කරයි.

සිදුවෙමින් යන මේ තත්ත්වයන් තුළ දේශපාලනිකව ඔවුන්ව ඉලක්ක නොකර ත්‍රස්තවාදය මර්ධනය කර ජාති වාදය පැරදවීමට කටයුතු කරන ලෙසත් පවතින මූලික ප්‍රශ්න යටගැසීමේ පහත් දේශපාලන ක්‍රියාවලියක නිරත නොවන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා ලිපිය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

සබැඳි පුවත්

Trending

Exit mobile version