පුවත්

රොනාල්ඩෝ අන්තර් ජාතික පා පන්දු පිටියට සමුදෙයි!

Published

on

යුරෝපා කුසලාන පාපන්දු තරගාවලියේ මෙරට වේලාවෙන් අද (06) අළුයම අවසන් වූ අර්ධ අවසන් පූර්ව වටයේ දෙවැනි තරගයෙන් පෘතුගාලය පරාජය කර ඉතා තියුණු ජයක් ලැබීමට ප්‍රංශය සමත් විය.

නියමිත කාලය අවසන් වද්දී කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා කිරීමට නොහැකි වූ අතර, ලබාදුන් අතිරේක කාල අවස්ථා දෙකේදීද කිසිඳු කණ්ඩායමකට ගෝල වාර්තා කිරීමට නොහැකි විය.

මේ හේතුවෙන් ජයග්‍රාහකයා තීරණය කෙරුණේ දඬුවම් පහර අවස්ථාවෙනි.

එහිදී ප්‍රංශය පහර අවස්ථා 05ම සාර්ථක කරගනිද්දී, පෘතුගාලයට සාර්ථක කරගැනීමට හැකිවූයේ අවස්ථා 03ක් පමණි.

මේ හේතුවෙන් පෘතුගාල කණ්ඩායමට තරගාවලියෙන් ඉවත්වීමට සිදු විය.

යුරෝපා කුසලාන ඉතිහාසයේ පෘතුගාලය මීට පෙර 2016 වසරේ ශූරතාවත්, 2004 වසරේදී අනුශූරතාවත් ජයග්‍රහණය කර තිබුණි.

අවසන් පූර්ව වටයේදී ප්‍රංශය හා ස්පාඤ්ඤය හමුවීමට නියමිතව ඇති අතර, එම තරගය මේ මස 09වැනිදා පැවැත්වේ.

කෙසේ නමුත් පෘතුගාලය තරගාවලියෙන් ඉවත්වූවාට වඩා සුවිශේෂී කරුණ වන්නේ, පුරා වසර 21ක් පෘතුගාලය නියෝජනය කළ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ ජාත්‍යන්තර ක්‍රීඩා දිවියට ද තිත තැබීමට තීරණය කර ඇත.

තිස්නමවැනි වියේ පසුවන රොනාල්ඩෝ පසුගිය දිනකදී නිල වශයෙන් තහවුරු කර සිටියේ, මෙවර යුරෝපා කුසලාන පාපන්දු තරගාවලියේ තමන්ගේ ජාත්‍යන්තර ක්‍රීඩා දිවියේ අවසන් තරගාවලිය මෙය වේ.

ඔහු මෙම අදියරත් සමග මේ දක්වා යුරෝපා කුසලන 06කට ක්‍රීඩාකර තිබුණි.

රොනාල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු පිටියට අවතීරණ වූයේ 2003 වසරේදී කසකස්තානයට එරෙහිවය.

ඒ වන විට 18 හැවිරිදි වූ ඔහු, එතැන් සිට මේ දක්වා තරග 212කදී පෘතුගාලය නියෝජනය කර ගෝල 130ක් වාර්තා කර තිබේ.

කෙසේ නමුත් ඔහු තවදුරටත් සෞදි අරාබියේ Al Nassr ක්‍රීඩා සමාජය වෙනුවෙන් සිය වෘත්තීය ක්‍රීඩාව පවත්වාගෙන යනු ඇතැයි ද මේ අතර වාර්තා වේ.

Trending

Exit mobile version