Connect with us

පුවත්

රොනී ද මැල් ගේ නිවසේ කොමඩ් එකත් සොරකම් කරලා

Published

on

පසුගියදා අභාවප්‍රාප්ත වූ හිටපු මුදල් ඇමැතිවරයකු වූ රොනී ද මැල් ගේ දෙවිනුවර වැල්ලමඩමේ පිහිටි නිවසක් බිඳ දොරවල්වල සවිකර තිබූ ඉපැරණි පිත්තල සරනේරු 37 ක් සොරාගෙන ගොස් ඇතැයි ගන්දර පොලිසිය පවසයි.

මෙම සොරකම ඊයේ (05 වැනිදා) රාත්‍රියේ සිදුව ඇති අතර මේ සම්බන්ධයෙන් නිවසේ මුරකරු විසින් අද (06 වැනිදා) ගන්දර පොලිසියට කරන ලද පැමිණිල්ල මත පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

මෙම නිවස රොනීද මැල්ගේ කාර්යාලයක් ලෙස පවත්වාගෙන ගිය ස්ථානයක් බවත් මෙය කලක පටන් භාවිතයට නොගත් ගරා වැටුණු ස්ථානයක් බවත් පොලිසිය සඳහන් කරයි.

මෙම නිවසේ පිටුපස දොරටුවෙන් ඇතුළු වූ සොරුන් නිවසේ පිටුපස හා ඇතුළත කාමරවලට සවිකර තිබී දොරවල්වල පිත්තල සරනේරු 37 ට අමතරව එහි නාන කාමරයේ සවිකර තිබූ වැසිකිළි කොමඩ්ඩුවද ගලවාගෙන ගොස් තිබෙන බව අනාවරණය විණි.

මෙම සොරකම සම්බන්ධයෙන් රොනී ද මැල්ගේ පුද්ගලික ලේකම්වරයාද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත දැනුම් දී ඇති අතර පොලිස්පති උපදෙස් මත මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ විසින් මේ පිළිබඳ සොයා බැලීමට විමර්ශන කණ්ඩායම් කිහිපයක්ම යොදවා ඇත.

මෙම සොරකම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ අයගේ ක්‍රියාවක් ද නැතිනම් වෙනත් සැලසුම්සහගත ක්‍රියාවක් ද මෙතෙක් අනාවරණය වී නොමැත.

(අරුණ)

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved