Connect with us

පුවත්

රොබෝ කෙනෙක් මිනිසකුගේ මුහුණ හා පපුව කුඩුකර මරා දමයි

Published

on

රොබෝ යන්ත්‍රයක පහර දීමකින් දකුණු කොරියාවේ සමාගමක සේවකයකු ජීවිතක්ෂයට පත් ව තිබේ.

ආහාර අසුරා තිබූ පෙට්ටි කිහිපයක් නිවැරැදි ව හඳුනා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් රොබෝවරයා විසින් මෙම පුද්ගලයාට පහර දී ඇත.

40 හැවිරිදි වියේ පසු වූ මෙම පුද්ගලයා, රොබෝ යන්ත්‍රය පරීක්ෂා කරමින් සිටිය දී මෙම සිද්ධිය සිදු ව තිබේ.

රොබෝ යන්ත්‍රය විසින් පුද්ගලයා ව අල්ලාගෙන ඔහු ගේ මුහුණ සහ පපුව කුඩු කර දමා ඇති බව දකුණු කොරියානු ප්‍රවෘත්ති ඒජන්සිය වන යොන්හැප් වාර්තා කර ඇත.

තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කර ඇතත් පසු ව ඔහු ජීවිතක්ෂයට පත් වී තිබේ.

රොබෝ යන්ත්‍රයට නියමිත රාජකාරිය වී ඇත්තේ, ගම්මිරිස් පෙට්ටි ඔසවා ඒවා පැලට් මතට මාරු කිරීමය.

නොවැම්බර් 08 වැනිදා දකුණු ග්යොංසාං පළාතේ ගම්මිරිස් වර්ග කිරීමේ කම්හලකට යෙදවීම සඳහා රොබෝවරයා පරීක්ෂා කිරීම මිය ගිය සේවකයා විසින් සිදු කරනු ලැබ තිබේ.

ඒ අනුව පරීක්ෂණ ධාවනයට පෙර සේවකයා, රොබෝවරයා ගේ සංවේදක මෙහෙයුම් පරීක්ෂා කරමින් සිටි බව පොලීසිය වාර්තා කරයි.

මේ ආකාරයට මාර්තු මාසයේ ද මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදන කම්හලක සේවය කරමින් සිටිය දී 50 හැවිරිදි දකුණු කොරියානු ජාතිකයකු රොබෝවරයෙකුට හසු වීමෙන් බරපතළ තුවාල ලැබීය.

ඡායාරූපය – AFP

පුවත්

හිටපු ඇමති ඩලස්ගේ WhatsApp හැක් වේ

Published

on

By

හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ වට්ස්ඇප් ගිණුම අනවසර පුද්ගලයින් විසින් හැක් කර ගෙන ඇති බව වාර්තා වේ.

හිටපු අමාත්‍යවරයා ද සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් සිය වට්ස් ඇප් අංකයෙන් ලැබෙන පණිවුඩ සඳහා ප්‍රතිචාර නොදක්වන ලෙස ඉල්ලීමක් සිදුකර තිබේ.

මෙම ගිණුම භාවිතා කරමින් වංචනික පණිවිඩ හරහා මුදල් ඉල්ලීම් සිදුවෙමින් පවතී. පැතිරෙන පණිවිඩයේ අන්තර්ගතය මෙසේය:

“මම මිතුරෙකුට මුදල් යැවීමට උත්සාහ කළනවා, නමුත් එය යැවිය නොහැකියි. මගේ විස්තරවල ගැටලුවක් ඇති බව පෙනෙනවා. ඔබට හැකි නම්, එම පුද්ගලයාගේ විස්තරවලට රු.100,000ක් යැවීමට උපකාර කරන්න. මම හෙට උදේම එම මුදල ආපසු ගෙවනවා.”

හිටපු අමාත්‍යවරයා විසින් එක්කරන ලද සටහන

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි ( සජීවී විකාශය )

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

එහි සජීවි විකාශය,

Continue Reading

පුවත්

බෝකුන්දර ලී අලෙවි සැලක ගින්නක්

Published

on

By

පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ ගින්නක් හට ගෙන තිබේ.

කොළඹ පිළියන්ල මාර්ගයේ බෝකුන්දර ප්‍රදේශයේ පිහිටි ලී අලෙවි සැලක මෙම ගින්න හට ගෙන ඇති බව සඳහන්ය.

ගින්න නිවීම සඳහා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනිනිවන රථ ‍4ක් පිටත් කර ඇති බව එහි ගිනි නිවීමේ ඒකකය පවසයි.

එම ඒකකය තවදුරටත් පවසන්නේ කොළඹ ගිනි නිවීමේ ඒකකයේ සහායද ගින්න නිවීම සඳහා ලබා ගැනීමට පියවර ගෙන ඇති බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved