පුවත්

රොෂාට ඇමතිකම නැතිවූ ඇත්ත හේතුව; සජබය – එජාපය හා දීග යයි?

Published

on

හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා අදාළ ධූරයෙන් ඉවත් කිරීමට හේතුවී ඇත්ත‌ේ ඔහු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහය ඇතිව ඉන්දීය තානාපති කාර්යාලය අමතා ක්‍රිකට් තහනම ඉවත් කර ගැනීමට ජේ. ෂාගේ සහයෝගය ලබාදෙන්නැයි කරන ලද ඉල්ලීමක් හේතුවෙන් බවට රාවයක් පැතිර තිබේ.

ඉන්දීය තානාපති කාර්යාලය ඔස්සේම මෙම සිදුවීම සම්බන්ධව ජනාධිපතිවරයාට තොරතුරු ලැබීමත් සමඟ ජනපතිවරයා හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා අවසන් වරට සහභාගී වූ කැබිනට් හමුවේදී මේ පිළිබඳ ප්‍රශ්න කර ඇතැයි ද පැවසේ.

එම ප්‍රශ්නවලට නිසි පිළිතුරක් ලබාදීමට රොෂාන් අපොහොසත්ව ඇති බවට ද මාධ්‍ය වාර්තා පැතිර තිබේ.

මීට අමතරව විපක්ෂයට සහයෝගය දැක්වීම, වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස සිය හිතවතුන්ට ඥාතීන්ට ඉඩම් ලබාදීම ආදී චෝදනා රොෂාන් රණසිංහ වෙත මේවන විට එල්ලව ඇතැයි පැවසේ.

එසේම හිටපු ක්‍රීඩා ඇමතිවරයා ආණ්ඩුපක්ෂයේ කිසිදු අයකුට නොදන්වා විපක්ෂ නායක කාර්යාලයට ‌‌ගොස් එහි සාකච්ඡාවක් පවත්වා ඇති බවට ද ඔහුට චෝදනාවක් එල්ලව තිබේ.

තත්ත්වය එසේ තිබියදී අද දෙරණ වාර්තා කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්කිරීමේ උත්සහයක් පවතින බවයි.

මෙහි මුලිකත්වය මලික් සමරවික්‍රම මහතා විසින් ගෙන ඇති අතර මේ සඳහා තවත් කිහිපදෙනෙකු එක් වී ඇති බවද එහි දැක්වේවේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සමීපතමයෙකු වන මලික් සමරවික්‍රම මහතා එක්සත් ජාතික පක්ෂ පාලන සමය තුළ අමාත්‍යවරයෙකු ලෙස ද කටයුතු කළේය.

කෙසේ වෙතත් මෙම ක්‍රියාදාමය සඳහා සමගි ජනබලවේගය පක්ෂයේ සැලකිය යුතු පිරිසකගේ කැමැත්ත පළ වී ඇති බවද අද දෙරණ කියයි.

එහෙත් විපක්ෂ නායකවරයා මේ සම්බන්ධයෙන් අවසන් එකඟතාවක් පළ කර නොමැති බවද එහි දැක්වේ.

මේ අතර, මධ්‍යස්ථ විචාරකයින් පවසන්නේ සමගි ජන බලවේගයට එජාපය සමඟ එක්වුවහොත් පොහොට්ටු පක්ෂයේ දූෂිතයන් සමඟ ද කටයුතු කිරීමට සිදුවනු ඇති බවයි.

Trending

Exit mobile version