ක්‍රීඩා, යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරවලින් ඉවත් කර තිබේ.
මේ සතියේ කැබිනට් රැස්වීමට ගිය අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් මේ බව සඳහන් ලිපියක් රණසිංහ මහතා වෙත ලබාදී ඇති බව වාර්තා වේ.
අද දිනයේ පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් රණසිංහ මහතා පවසා සිටියේ පවතින තත්ත්වය තුළ තමන්ගේ ජීවිතය අහිමි වුවහොත් එයට ජනාධිපතිවරයා සහ සාගල රත්නායක වගකිව යුතු බවයි.