පුවත්

රෝහල් තාප්පයක් පෙරළී පුද්ගලයෙකු මරුට

Published

on

අද (05) දිනයේදී කඩුගන්නාව, හේනාවල දිසා රෝහලේ බැම්මක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. 

මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා සඳහන් කළේ, පැරණි බැම්ම වෙනුවට අලුත් බැම්මක් බැඳීමට අත්තිවාරම සැකසීමේදී මෙම අනතුර සිදුව ඇති බවයි.

මිය ගොස් ඇත්තේ බැම්ම අලුත්වැඩියා කරිමින් සිටි 32 හැවිරිදි උඩුනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  

ඔහුගේ දේහය මේ වනවිට හේනාවල රෝහලේ තැන්පත් කර ඇති අතර, කඩුගන්නාව පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

Trending

Exit mobile version