රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා අගමැති කාර්යාලය අසලදී තමාට තර්ජනය කර පහර දීමට උත්සාහ කළ බව දෙමළ ජාතික සන්ධානයේ මඩකලපු දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියන් රාසමාණික්කම් මහතා පාර්ලිමේන්තුවේදී අද (07) ප්‍රකාශ කළේය.
මේ සිද්ධිය පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට ඉදිරිපත් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ඔහු පාර්ලිමේන්තු මුලසුනෙන් ඉල්ලා සිටියේය.
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප්) නව සභාපතිවරයා ලෙසද අද පත්වූයේ රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයාය.