ශ්‍රී ලංකාවට අලුතින් පත්වූ තානාපතිවරු දෙදෙනෙක් සහ මහකොමසාරිස් වරයෙක් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද (23) අක්ත පත්‍ර බාර දුන්හ.
එලෙස ඉතාලි ජනරජය සහ ජර්මානු ෆෙඩරල් ජනරජය සඳහා තානාපතිවරුන් දෙදෙනකු හා මහා බ්‍රිතාන්‍යයේ එක්සත් රාජධානිය සහ උතුරු අයර්ලන්තය සඳහා මහ කොමසාරිස්වරයෙක් අක්ත පත්‍ර බාරදී තිබේ.
ඉතාලියේ නව තානාපති ලෙස දමියානෝ ෆ්‍රැන්කොවිහ් මහතා සහ ජර්මානු ෆෙඩරල් ජනරජයේ තානාපති ලෙස ආචාර්ය ෆෙලික්ස් නියුමාන් මහත්වරු අක්ත පත්‍ර බාරදී ඇත.
එමෙන්ම මහා බ්‍රිතාන්‍යයේ එක්සත් රාජධානිය සහ උතුරු අයර්ලන්ත මහකොමසාරිස්වරයා ලෙස ඇන්ඩෲ පැට්‍රික් මහතා අක්ත පත්‍ර භාර දී තිබේ.
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් අරුණි විජේවර්ධන යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.