පුවත්

ලංකාවට ඉන්දියාවෙන් තවත් ණයක්; චීනයෙන් ණය ගන්න එපා – ඉන්ද්‍රජිත්

Published

on

ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් විදේශ මුදල් හුවමාරු පහසුකම යටතේ නව ණයක් ලබා ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇතැයි හිටපු මහ බැංකු අධිපතිවරයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයකු වන ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කියයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධ්‍යයන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද මාර්ග ගත විද්වත් කථිකාවකට එක්වමින් ඒ මහතා මේ බව කීය.

එම ණය මුදල ඉන්දීය රුපියල් මුදල් ඒකකයෙන් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් ණය මුදලේ වටිනාකම තවම තීරණය කර නැතත් එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන එකකට ආසන්න වනු ඇති බවත් ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පෙන්වා දී ඇත.

එම මුදල ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වෙළඳ කටයුතු සඳහා යොදා ගනු ඇතැයි කුමාරස්වාමි මහතා එහිදී සඳහන් කර තිබේ.

මේ අතර, පවතින ආර්ථික අර්බුදයෙන් මීදිමට නම් තවදුරටත් චීනයෙන් ණය ලබාගැනීම සිදුනොකළ යුතු අතර චීන ව්‍යාපෘති සඳහා ඔවුන්ගේ ප්‍රාග්ධනය යෙදවීම සිදුකළ යුතු බවත් ඔහු පෙන්වාදී ඇත.

“චීනයෙන් මෙවර අපිට අවශ්‍යවන්නේ ණය නොව ඔවුන්ට සුලබව පවතින ප්‍රාග්ධනය මෙහි යෙදවීමයි. ඔවුන්ට එලෙස ප්‍රාග්ධනය යෙදවීම චීන ණය මගින් මෙහි ගොඩනගන ලද යටිතල පහසුකම් හරහා සිදුකළ හැකියි. හම්බන්තොට වරාය, කොළඹ වරාය නගරය වැනි චීනය මෙහි ගොඩනැගූ යටිතල පහසුකම්වල වාසිය ලබමින් මෙහි ආයෝජන සිදුකරන්නේ නම් එයද ඉදිරි ආර්ථික වර්ධන මූලාශ්‍රයක් වනු ඇති.”

Trending

Exit mobile version