පුවත්

ලංකාවට ගේන විදුලි බස්රථ ගණන 200 දක්වා ඉහළට

Published

on

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ධාවනයට යෙදවීම පිණිස විද්‍යුත් බස්රථ 50ක් ප්‍රසම්පාදනය කිරීම සඳහා 2023-02-27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබිණි.

බස්නාහිර පළාත ආවරණය වන පරිදි රජයේ හා පෞද්ගලික අංශයේ හවුල්කාරිත්ව ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

නමුත් යෝජිත ව්‍යාපෘතිය යටතේ වැඩි මාර්ග ප්‍රමාණයක් සඳහා පොදු ප්‍රවාහන පහසුකම් සැලසීමට හැකි වන අයුරින් ධාවනයේ යොදවනු ලබන විද්‍යුත් බස් රථ සංඛ්‍යාව 200ක් දක්වා ඉහළ නැංවීම වඩාත් යෝග්‍ය බවට හඳුනාගෙන ඇත.

ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය යටතේ ප්‍රසම්පාදනය කරනු ලබන විද්‍යුත් බස් රථ සංඛ්‍යාව 200 දක්වා ඉහළ නැංවීම පිණිස ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Trending

Exit mobile version