Connect with us

පුවත්

ලංකාවට ජපානයේ පැසසුම්

Published

on

ජපාන රජයේ සහ එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකයේ සහාය ඇතිව ශ්‍රී ලංකාව 2023 – 2027 කාල පරිච්ඡේදය සඳහා කාන්තාව, සාමය සහ ආරක්ෂාව පිළිබඳ සිය පළමු ජාතික ක්‍රියාකාරී සැලැස්ම (WPS) සම්මත කර තිබේ. 

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අංක 1325 (2000) යෝජනාවේ දක්වා ඇති ජාත්‍යන්තර කැපවීම්වලට අනුකූලව කාන්තාවන් ආරක්ෂා කිරීම සහ සවිබල ගැන්වීම සඳහා මෙම සැලැස්ම රටේ නීතිමය සහ ප්‍රතිපත්ති රාමුවට දායක වෙයි. ශ්‍රී ලංකාවේ තිරසාර සාමය සහ සංවර්ධනය සඳහා ඉතා වැදගත් වන කාන්තාව, සාමය සහ ආරක්‍ෂාව පිළිබඳ න්‍යාය පත්‍රය හා සම්බන්ධ පාර්ශවකරුවන් අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම ද එහි අරමුණකි.

ශ්‍රී ලංකා රජයේ අමාත්‍ය මණ්ඩලය විසින් 2023 පෙබරවාරි 27 වන දින අනුමත කරන ලද මෙම සැලැස්ම ජාත්‍යන්තර කාන්තා දිනය වන 2023 මාර්තු 8 වන දින උත්සවාකාරයෙන් දියත් කරන ලදී. අලුතින් සම්මත කරන ලද ජාතික ක්‍රියාකාරී සැලැස්ම සම්පාදනය කරනු ලැබුවේ, ගැටුම් සහ අර්බුද පිළිබඳ විවිධ, සෘජු අත්දැකීම් ඇති පළාත් සහ දිස්ත්‍රික් මට්ටම්වල රාජ්‍ය අංශයේ නිලධාරීන්, සිවිල් සමාජය, ප්‍රජා මූලික සංවිධාන, කාන්තා නායිකාවන් සහ වෙනත් අයගේ උපදෙස් විමසීමේ ක්‍රියාවලියක් හරහාය. එය ජපාන රජය සහ ශ්‍රී ලංකා රජය අතර ඒකාබද්ධ හවුල්කාරිත්වයේ කොටසක් ලෙස එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකයේ තාක්ෂණික සහෙයෝගය ඔස්සේ සංවර්ධනය කරන ලදී. 2018දී ජපාන රජය G7 WPS රාමුව යටතේ ශ්‍රී ලංකාව සමඟ හවුල් ගිවිසුමක් අත්සන් කළේය.

මේ පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසීය: “ආසියානු කලාපයේ කාන්තාවන්ගේ තත්ත්වය සතුටුදායක නැත. ශ්‍රී ලංකාවේ කාන්තාවන් කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ඉදිරියෙන් සිටිනවා.  ඔවුන්ගේ අයිතිවාසිකම් තවදුරටත් පුළුල් කිරීමට අපි උත්සාහ කරනවා.” ‘ස්ත්‍රී පුරුෂ සමාජමය සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය’ සහ ‘කාන්තාව, සාමය සහ ආරක්ෂාව පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම’ මෙම ඉලක්කය සපුරා ගැනීමට ඉවහල් වන බව ඔහු අවධාරණය කළේය. ඒ සම්බන්ධයෙන් මේ වන විට ලබා ඇති ප්‍රගතිය ජාත්‍යන්තර කාන්තා දිනයේදී හෙළිදරව් කරන ලදි. “සාර්ක් සංවිධානයේ රාමුව තුළ කාන්තා අයිතිවාසිකම් ඇතුළත් කිරීම වෙනුවෙන් පෙනී සිටීම සඳහා සාර්ක් රටවල ප්‍රමුඛ පෙළේ කාන්තා ක්‍රියාකාරීන්ගේ රැස්වීමක් ශ්‍රී ලංකාව විසින් මේ වසරේ පවත්වනු ඇත. ශ්‍රී ලංකාව සෑම ක්ෂේත්‍රයකම ස්ත්‍රී පුරුෂ සමාජමය සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම් සාක්ෂාත් කර ගැනීම සඳහා කැපවී සිටී. ආසියානු කලාපයේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නායකත්වය දීමේ කාර්යභාරයක් ශ්‍රී ලංකාව ඉටු කරනු ඇත.”

තිරසාර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත්‍රය සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීමට උපකාර වන මෙම ජාතික ක්‍රියාකාරී සැලැස්ම කාලෝචිත ලෙස සම්මත කිරීම ජපාන රජය සාදරයෙන් පිළිගන්නා බවත්, එක්සත් ජාතීන්ගේ කාන්තා හා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සමඟ දිගුකාලීන හවුල්කාරිත්වය තුළින් ජපානය ශ්‍රී ලංකාවේ කාන්තාවන්, සාමය සහ ආරක්‍ෂක න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාමට ජපානය සහාය වීමට කැපවී සිටින බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති – මිසුකොෂි හිදෙඅකි මහතා පවසා ඇත.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved