පුවත්

ලංකාවට ඩොලර් මිලියන 100ක ණයක්

Published

on

ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 100ක ණය මුදලක් අනුමත කර තිබේ.

ඒ, මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකන් සඳහා වැඩි මූල්‍ය රවේශයක් ලබා දීම සහ ආර්ථික අර්බුදය සහ දේශගුණික විපර්යාස වැනි බාහිර කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීමටයි.

එම මුදලින් මිලියන 50ක් අපනයන, සංචාරක, තාක්ෂණ, කෘෂිකර්ම සහ නිෂ්පාදන අංශවල ඌන සේවා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා වෙන්කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා ආර්ථිකයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් රටේ දළ දේශීය නිෂ්පාදිතයට 52% ක දායකත්වයක් සපයන බවත්, ජනගහනයෙන් 45% ක් සේවයේ යොදවා ඇති බවත්, ” ආසියානු සංවර්ධන බැංකුවේ ජ්‍යෙෂ්ඨ මූල්‍ය අංශයේ විශේෂඥ මනෝහාරි ගුණවර්ධන මහත්මිය පවසයි.

එබැවින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට, විශේෂයෙන් කාන්තාවන් විසින් මෙහෙයවන ව්‍යවසායන්ට අවශ්‍ය සහයෝගය ලබාදීම වැදගත් බව ඇය වැඩිදුරටත් පෙන්වා දෙයි.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙත ණය සඳහා අර්ධ ණය ඇපකර සපයන සීමා සහිත ජාතික ණය ඇපකර ආයතනය හරහා රජයේ කොටස් දායකත්වය සඳහා මෙම ණය ආධාරය ලබා දීමට සැලසුම් කර තිබේ.

Trending

Exit mobile version