පුවත්

ලංකාවට තවදුරටත් අනුන්ගෙන් උදව් එපා

Published

on

නව වෙළෙඳපොළ, විදේශ ආයෝජන සහ ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීම සඳහා තායිලන්තය, ඉන්දුනීසියාව සහ වියට්නාමය වැනි රටවල ගමන් මග අනුගමනය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟීමේ දී තරගකාරිත්වයට මුහුණ දෙමින් මෙම පියවර අනුගමනය කරන බවයි.

ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන දිශානතිය පිළිබඳ සමුළුව අමතමින් ජනපති මේ බව සඳහන් කළේය.

ජනාධිපතිවරයා කියාසිටියේ අන් රටවලින් තවදුරටත් උපකාර ඉල්ලීමෙන් වැළකී අපේ රටට අවශ්‍ය දියුණුව අප විසින්ම උදාකරගත යුතු බවයි.

“මම හිතන්නේ ශ්‍රී ලංකාවේ අපි තවදුරටත් අනුන්ගෙන් උදව් ඉල්ලන්න හිතන්න එපා. බොහෝ රටවල් කර ඇති පරිදි අපි එය තනිවම කරමු.”

(අරුණ)

Trending

Exit mobile version