ශ්‍රී ලංකාවට පර්යේෂණ නැව් පැමිණීම වසරකට තහනම් කර ඇත්තේ ඇමරිකාවේ වුවමනාවකට බවට කරුණු අනාවරණය වන බව පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල මහතා පවසයි.
ලංකාවේ මීලඟ ඇමෙරිකා තානාපති ලෙස නම් කර ඇති එලිසබත් හෝස්ට් තමන්ගේ තනතුර අනුමත කර ගැනීමට විදේශ කටයුතු සෙනෙට් කාරක සභාව ඉදිරියට පැමිණි අවස්ථාවේ කළ ප්‍රකාශයකින් ඒ බව පැහැදිලි වන බව ගම්මන්පිල මහතා පෙන්වා දෙන්නේය.
පර්යේෂණ නැව්වලට ලංකාවට ඇතුළු වීම වසරකට තහනම් කලේ ඇමෙරිකාවේ උවමනාවට බව එලිසබත් හෝස්ට් සෙනෙට් සභාවට පවසා ඇතැයි ද ගම්මන්පිල මහතා විසින් වැඩිදුරටත් පවසන ලදී.
උදය ගම්මන්පිල මහතා විසින් මෙම අදහස් පල කරනු ලැබුවේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවකදීය.