පුවත්

ලංකාවට ලොකු ලූනු යැවීමට ඉන්දීයාව අවසර දෙයි!

Published

on

ලංකාවට ලොකු ලූනු යැවීමට ඉන්දීයාව අවසර දෙයි!ලොකු ලූනු අපනයනයට පනවා තිබු තහනම ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය සඳහා පමණක් ඉවත් කිරීමට ඉන්දියාව තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ලොකු ලූනු මෙට්‍රික් ටොන් 10,000ක් දක්වා ශ්‍රී ලංකාවට අපනයනය  කිරීමට මෙමගින් අවසර ලබා දී තිබේ.

පළමුව අසල්වැසියා යන පදනම සහ අලුත් අවුරුදු උත්සව සමය සැලකිල්ල ට ගෙන ඉන්දියාව එම තීරණය ගෙන ඇති බවද පැවසේ.

ඊට අදාළ ගැසට් පත්‍රය ඉන්දීය විදේශ වෙළඳ අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රී සන්තෝෂ් කුමාර් සාරංජි මහතා විසින් ඊයේ (15) නිකුත් කර තිබේ.

අදාළ ගැසට් පත්‍රය පහත දැක්වේ.

Trending

Exit mobile version