අද (18) සවස් කාලයේදී ඉන්දුනීසියාවේ සුමත්‍රා දූපතට දකුණින් සිදුවූ භූ චලනය හේතුවෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බවට කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනයක් මගින් දන්වා සිටියි.
මේ අනුව, මුහුදුබඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිත ආරක්ෂා සහිත බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
ඉන්දුනීසියාවේ සුමාත්‍රා බෙන්ග්කුලු සාගර කලාපයේ මැග්නිටියුඩ් ඒකක 6.9 ක භූ කම්පනයක් සිදුව ඇති බවට අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය මීට පෙර වාර්තා කර තිබුණි.