Connect with us

පුවත්

ලංකාවට හමුදාව එවීම ඉන්දියාවේ අත්වැරැද්දක් බව ජයශංකර් කියලා

Published

on

මෙයට වසර 37 කට පෙර 1987 දී ඉන්දීය සාමසාධක හමුදාව ශ්‍රී ලංකාවට එවීම ඉන්දීය ආණ්ඩුවට සිදුවූ අත්වැරදීමක් බව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා පවසයි. 

ඔහු විසින් ප්‍රකාශයට පත් කරන ලද ‘‘The India Way: Strategies for an Uncertain world’’  (ඉන්දීය මාවත) නැමති ග්‍රන්ථයෙහි මෙම ප්‍රකාශය ඇතුළත්ව තිබේ.

පාත්ෆයින්ඩර් පදනම සිංහලට පරිවර්තනය කරන ලද ‘ඉන්දීය මාවත’ ග්‍රන්ථයෙහි ශ්‍රී ලංකාවේ වාර්ගික ගැටලුව සම්බන්ධයෙන් විශේෂ සටහන් කිහිපයක්ම ඇතුළත්ව ඇත. එම ග්‍රන්ථය සිංහලට පරිවර්තනය කර ඇත්තේ අජිත් පැරකුම් ජයසිංහ මහතා විසිනි.

ඒ අනුව ශ්‍රී ලංකාව ඉන්දියාව පාමුලම අභියෝගයක් වූ බව ඔහු පවසයි. 

“එහිදී මෙරට වාර්ගික ගැටලුව පිළිබඳව කනස්සල්ලෙන් ඉන්දියාව විසින් සහතික කරන ලද විසඳුමක් ගෙන ඒමට උත්සාහ දරන ලදී. ආරම්භයේදීම එය වැරදී ගියේය.” යනුවෙන්ද ඔහු කියයි.

එහෙත් එය සුළුපටු පියවරක් නොවූ බවද ඉන්දීය විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

එසේම ශ්‍රී ලංකාවේ සාමසාධක මෙහෙයුමට ඉන්දියාව මහන්සි වුවද ඊට ලැබිය යුතු අවධානය ලැබුණේ අඩුවෙන් බවද විදේශ අමාත්‍යවරයා සිය ග්‍රන්ථය මගින් අවධාරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් පුවතක් පලකර ඇති “දේශය පුවත්පත” විදේශ කටයුතු විෂයෙහි ලෝකයම පිළිගත් විද්වතකු වන ආචාර්ය ජයශංකර් ඉන්දීය විදේශ අමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය විසඳීමට මෙයට වසර 37 කට පෙර ඉන්දියාව කළ මැදිහත්වීම ගැන පළ කළ මෙම අදහස් බෙහෙවින් ආන්දෝලනාත්මක බව පෙන්වා දී ඇත.

පාත් ෆයින්ඩර් හි නිර්මාතෘවරයා වන්නේ ඉන්දියාවේ හිටපු තානාපති මිලින්ද මොරගොඩ මහතාය.

මූලාශ්‍රය – දේශය 

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved