මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට නීතිවිරෝධී ලෙස රැගෙන යමින් තිබූ රුපියල් කෝටි 70කට අධික වටිනාකමින් යුතු රත්‍රං තොගයක් සමග පුද්ගලයින් 5දෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ ඉන්දීය වෙරළාරක්ෂක බළකාය, ආදායම් බුද්ධි අධීක්ෂණ අංශය හා රේගු දෙපාර්තමේන්තුව එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදීය.
යාත්‍රා දෙකක් මගින් රැගෙන යමින් තිබූ රත්‍රං තොගයේ බර කිලෝ ග්‍රෑම් 32කි.
ඉන්දීය බුද්ධි අංශ, නීතිවිරෝධී භාණ්ඩ ජාවාරම් සම්බන්ධයෙන් සිදුකළ විශේෂ මෙහෙයුමක දීී අනාවරණය කර ගත් තොරතුරකට අනුව මන්නාරම් බොක්ක ආශ්‍රිත ඉන්දු – ලංකා ජාත්‍යන්තර මුහුදු සීමාවේදී, තමිල්නාඩු මණ්ඩපම් ප්‍රදේශයට යාත්‍රාකරමින් තිබූ සැකකටයුතු යාත්‍රා දෙකක් පරීක්ෂා කිරීමට කටයුතු කර තිබෙනවා.
එක් යාත්‍රාවක් ආරක්ෂක අංශ මග හරිමින් ගමන් කිරීමට උත්සහ කළ ඇති අතර එහි සිටි පුද්ගලයින් එම අවස්ථාවේ යාත්‍රාවේ තිබූ කිලෝගෑම් 11ක රත්‍රං තොගයක් මුහුදට දමා තිබේ.
අනකේ යාත්‍රාවේ තිබි කිලෝග්‍රෑම් 21.2ක රත්‍රං තොගයක් ආරක්ෂක අංශ භාරයට ගත් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
පසුව ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ කිමිදුම්කරුවන් යොදා ගෙන මුහුදට දැමූ රත්‍රං තොගය මුහුදු පතුලේ සිට රැගෙන විත් තිබෙනවා. .
අත්අඩංගුවට ගත් සැකකරු වන් සම්බන්ධයෙන් ඉන්දීය ආදායම් බුද්ධි අධීක්ෂණ අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.