ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාධි ජනරජය තුළ ජාතිය වෙනුවෙන් අතිවිශාල විශිෂ්ට සේවාවක් ඉටු කළ ශ්‍රී ලාංකික පුරවැසියන්ට හා ශ්‍රී ලාංකික නොවන පුද්ගලයින්ට සිය ජීවිත කාලය තුළ එක් වරක් පමණක් හිමි වන ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ සම්මානය මෙවර ජාතික නිදහස් දිනය නිමිත්තෙන් හිටපු කතානායක දේශබන්දු කරු ජයසූරිය මහතාට පිරීනැමීමට කැබිනට් ඇනුමැතිය හිමිව ඇත.
මෙරටදී පිරිනෑමෙන උච්චතම සම්මානය වන ‘ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය’, 2023 පෙබරවාරි 03දා එම මහතාට ප්‍රදානය කිරීමට කටයුතු කර තිබේ.
කරු ජයසූරිය මහතා විසින් සිදුකරන ලද සේවය ඇගයීම පිණිස එතුමා වෙත මෙම සම්මානය පිරිනැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබේ.
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාධි ජනරජය තුළ ජාතිය වෙනුවෙන් අතිවිශාල විශිෂ්ට සේවාවක් ඉටු කළ ශ්‍රී ලාංකික පුරවැසියන්ට හා ශ්‍රී ලාංකික නොවන පුද්ගලයින්ට සිය ජීවිත කාලය තුළ එක් වරක් පමණක් හිමි වන ජාතික සම්මානයක් පිරිනැමීම 1986 වර්ෂයේ සිටම සිදුකර ඇත.