ශ්‍රී ලංකාවේ කෝපි ලෝකයේ හොඳම කෝපි නිෂ්පාදන අතර ප්‍රමුඛත්වයක් ගන්නා බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට තානාපති Khaled Al Ameri මහතා පවසා තිබේ.
තානාපතිවරයා එලෙස පවසා ඇත්තේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ පැවති හමුවකදීය.
මෙරට කෝපි වගාව පුළුල් කිරීම සහ අගය එකතු කළ නිෂ්පාදනයක් වශයෙන් ජාත්‍යන්තර වෙළෙඳපොලට හඳුන්වා දීමෙන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගත හැකි බවද ඔහු පවසා ඇත.
තවද කෘෂි අංශ නවීකරණය හා මෙරට කෘෂි නිෂ්පාදන අගය එකතු කළ නිෂ්පාදන වශයෙන් අපනයනය ඉලක්ක කර ගනිමින් සැකසීම සම්බන්ධව රජයේ වැඩ පිළිවෙළ පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී කරුණු ඉදිරිපත් කර ඇත
එමෙන්ම අගය එකතු කළ මෙරට කෝපි නිෂ්පාදන විදේශ වෙළෙදපොලට හඳුන්වා දීමෙන් ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලබාගත හැකි අතර මෙරටට අවශ්‍ය යුරියා පොහොර හා අනෙකුත් පොහොර ලබා ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය දීමට හැකි බවද තානාපතිවරයා තවදුරටත් සඳහන් කර ඇත.