පුවත්

ලංකාවේ ණයවලට චීනය සහභාගී වීම බලාපොරොත්තු සහගත ලකුණක් – අමෙරිකානු භාණ්ඩාගාර ලේකම්

Published

on

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා, චීනය සහභාගී වීම බලාපොරොත්තු සහගත ලකුණක් බව අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පවසයි.

අදහස් දැක්වූ අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන්,
 “ශ්‍රී ලංකාව සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සහභාගී වීම සම්බන්ධයෙන් චීනයේ යම් සහයක් අපි දැක ඇති අතර එය බලාපොරොත්තු සහගත ලකුණක්. අපි ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැදගත් අංග පිළිබඳව ප්‍රයෝජනවත් තාක්ෂණික සාකච්ඡා පවත්වමින් සිටිනවා. චීනය සහභාගී වෙමින් සිටින අතර, අපි සියලු දෙනාම වැඩිදියුණු කිරීම් සඳහා චීනයට බලපෑම් කරනවා”

Trending

Exit mobile version