පුවත්

ලංකාවේ ණය ප්‍රතිව්‍යුහග කිරීම ගැන චීනයේ අලුත් ඉල්ලීම

Published

on

සාධාරණ ලෙස ණයබර බෙදාගැනීමේ මූලධර්මය යටතේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සහභාගී වන ලෙස චීනය වාණිජ සහ බහුපාර්ශ්වික ණය හිමියන්ගෙන් ඉල්ලා සිටියි.

අද (01) චීනයේ බෙයිජිං අගනුවර පැවති විදේශ කටයුතු අමාත්‍යංශයේ නිත්‍ය මාධ්‍ය හමුවේදී එහි ප්‍රකාශක වාන්ග් වන්බින් මහතා විසින් මෙම ඉල්ලීම සිදුකර ඇත.

ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3 ක ණය වැඩසටහනක් ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුමත කිරීම සම්බන්ධයෙන් චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රතිචාරය පිළිබඳව විමසූ අවස්ථාවේදී වාන්ග් මහතා මෙසේ පවසා ඇත.

“මෙය සුභ පුවතක් යැයි අප සිතන අතරම, අර්බුදකාරී හා දුෂ්කර තත්ත්වයෙන් මිදීමට ශ්‍රී ලංකාවට වඩා හොඳ උපකාරයක් වනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු. 

“ණය ගැටලු කඩිනමින් හා සාර්ථකව ලෙස විසඳා ගැනීමට  චීනයේ අපනයන-ආනයන බැංකුව විසින් ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර ලේඛන ලබා දී ඇති අතර, ණය තිරසාරභාවය සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සඳහා චීනයේ අවංක උත්සහය පිළිඹිබු කරයි. ශ්‍රී ලංකාවට පවතින තත්ත්වය මඟහරවා ගැනීමට, තිරසාර සංවර්ධනයක් ළඟා කර ගැනීමට උපකාර කිරීමට හා ණය ලිහිල් කර උපකාර කිරීමේදී ධනාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට චීනය අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ කටයුතු කිරීමටත් සූදානමින් සිටියි. මේ අතරම, සාධාරණ ලෙස ණයබර බෙදාගැනීමේ මූලධර්මය යටතේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සහභාගී වන ලෙස අපි වාණිජ සහ බහුපාර්ශ්වික ණය හිමියන්ගෙන් ද ඉල්ලා සිටින්නෙමු,” යැයි ඔහු පවසා ඇත.

Trending

Exit mobile version