ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීමේ අපේක්ෂාවෙන් මේ වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ රැස්වීමක් සංවිධානය කිරීමට ජපානය කටයුතු කරමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.
‘යොමුඋරි ෂින්බුන්’ පුවත්පත වාර්තා කරන අන්දමට ණය ගෙවීම් අඩු කිරීම සහ ආපසු ගෙවීමේ කාලසීමාවන් කල් දැමීම සඳහා වන ක්‍රියාමාර්ග පිළිබඳව මෙම රැස්වීමේදී අවධානය යොමු කිරීමට අපේක්ෂා කෙරේ.
හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා පසුගිය මස අගදී ජපානයේ සිදුකළ සංචාරයකදී ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ෆුමියෝ කිෂිඩා ඇතුළු පිරිස සමඟ සාකච්ඡා පවත්වා තිබුණි.
ශ්‍රී ලංකාවට ණය දෙන්නන් 20කට වැඩි සංඛ්‍යාවක් සිටින අතර, චීනය ඩොලර් බිලියන 7.3ක්, ජපානය ඩොලර් බිලියන 2.7ක් සහ ඉන්දියාව ඩොලර් බිලියන 1.7 ලෙස ලැයිස්තුවේ ඉහළින්ම සිටියි.