Connect with us

පුවත්

ලංකාවේ නියෝජිත පිරිස වොෂින්ටනයේ සාකච්ඡාවක

Published

on

ශ්‍රී ලංකා නියෝජිත පිරිස වොෂින්ටන් ඩීසී හි එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය සමඟ එක්සත් ජනපදය විසින් පනවන ලද තීරුබදු සම්බන්ධයෙන් වන සාකච්ඡාවල දෙවන වටයේ සාකච්ඡා සඳහා සහභාගි වී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) විසින් කරන ලද ආරාධනයකට අනුව, තීරුබදුවලට අදාළ කරුණු පිළිබඳ අවධානය යොමු කරමින්, වොෂින්ටන් ඩී.සී.හි පැවැත්වෙන සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිස මෙලෙස එක්වුණි.

දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීම සඳහා වූ අඛණ්ඩ උත්සාහය අරමුණු කරගත් දෙවන පුද්ගල මට්ටමේ රැස්වීම මෙය වේ.

පුවත්

කොළඹ නගර සභාවට ආණ්ඩුව ආවත්, විපක්ෂය ආවත්, අති දූෂිත කුණු කතාව නවතියි?

Published

on

By

කැබිනට් අමාත්‍යංශ 24 න් 13කටම වඩා විශාල අයවැයක් ඇති කොළඔ නගර සභාවේ බලය ලබා ගැනීමට මේවන විට ආණ්ඩුවත් විපක්ෂයත් දැඩි උත්සාහයක යෙදී සිටිය ද එම දෙපාර්ශවයම එම නගර සභාව තුළ ඇති දූෂිතම ගනුදෙනුව සේ සැලැකෙන ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ කොන්ත්‍රාත් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි අදහසක් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් එම කාණ්ඩ දෙකට සහය දැක්වීමට ඉදිරිපත්ව සිටින ස්වාධීන කණ්ඩායම් ඊට සහය දැක්වීම සම්බන්ධයෙන් දෙගිඩියාවක පසුවන බව පැවසේ.

කොළඹ නගර සභාවේ 2023 වසරේ ආදායම රුපියල් මිලියන 15,77ක් වන අතර, එහි වියදම රුපියල් මිලියන 12,735කි.

මේ වියදමින් වැඩිම මුදලක් වැය කර ඇත්තේ කොළඹ නගර සභාවේ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වන අතර එය රුපියල් මිලියන 3,800කි. 

මේ කළමනාකාර කටයුතුවලින් වැඩි කොටසක් සිදු කිරීමේ කොන්ත්‍රාත්තු ලබාගෙන ඇත්තේ පෞද්ගලික ආයතන 2ක් වන අබාන්ස් හා ක්ලීන් ටෙක් විසින් බව මේවන විට ප්‍රසිද්ධ රහසකි.

මෙහි තවත් විශේෂත්වයක් වන්නේ කොළඹ නගර සභාව පරිපාලනය කරනු ලබන්නේ කොටස් 5කට බෙදා වන අතර ඉනුත් අදාළ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පවරා ඇත්තේ අදාළ සමාගම් දෙකට මේසා විශාල මුදලක් ගෙවනු ලබන්නේ කොටස් දෙකක ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහාය.

මෙය දූෂිත ගනුදෙනුවක් බව පසුගිය කාලයේ දී රෝසි සේනානායක මහත්මිය විසින් එහි නගරාධිපති ධූරය දරණ සමයේදී එවක නාගරික කොමසාරිම්වරිය ලෙස කටයුතු කළ නීතීඥ රොෂිනී දිසානායක මහත්මිය 2021-02-07 දින “කොළඹ නගර සභාවේ සිදුවන මූල්‍ය වංචා හා අක්‍රමිකතා වැලැක්වීමට කටයුතු කිරීමේදී ඇතිවන ගැටලු” යන සිරස්තලයෙන් ඉදිරිපත් කර තිබූ ලිපියෙන් හෙළිව තිබිණි.එම ලිපියේ මෙසේ දක්වා තිබිණි.

“ඝණ අපද්‍රව්‍ය කළමනාකාරණය සඳහා අබාන්ස් හා ක්ලීන් ටෙක් ආයතනය අතර ඇතිකරගත් ගිවිසුම් නිසා සභාවට බරපතල මූල්‍යමය පාඩු සිදුවන බව දැන් සනාථ වී ඇත. එම ගිවිසුම් ඇතිකරගන්නා අවස්ථාවේදී මා විසින් සහ නාගරික භාණ්ඩාගාරික විසින් ලිඛිතව සභාව වෙත කරුණු පැහැදිළි කරන ලදී. නමුත් එම කරුණු සම්බන්ධයෙන් ව්‍යාජ තර්ක ඉදිරිපත් කර කොන්ත්‍රාත් ප්‍රදානය කරන ලදී.

කොළඹ නගරයේ එක් රැස්වූ කැලිකසල පිළිබඳ දත්ත, කෙරවල පිටිය වේස් ටු එනර්ජි ව්‍යාපෘතිය ආරම්භ කිරීමත් සමඟ සැලැකිය යුතු ලෙස අඩුවී ඇත. පුමාණය අඩුවූවත් ගිවිසුමේ දෝශ නිසා සභාවට කිසිදු වාසියක් අත්නොවේ.”

ඇය අදාළ ලිපිය මගින් තවදුරටත් වැඩිදුරටත් පෙන්වා දී තිබුණේ කොළඹ නගරයේ එක්රැස්වන කැලිකසල වලින් 50%ක් සදහා සමස්ත වරිපනම් ආදායමින් 55%ක් අදාල සමාගම් දෙක සඳහා පමණක් වැයවන බවයි.

මූලාශ්‍රය – අනිද්දා

Continue Reading

පුවත්

කටමැත දොඩවන ගම්මන්පිලට වෙන්නෙත් හල්ලොලුවට වෙච්චි දේ (වීඩියෝ)

Published

on

By

ආණ්ඩුවේ සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ කරමින් කටමැත දොඩවන ගම්මන්පිල වැනි අයට ද සිදුවන්නේ තුසිත හල්ලොලුවට සිදුවූ දේම විය හැකි බව නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතා සඳහන් පවසයි.

ආණ්ඩුව පිළිබඳව ඕනෑම කෙනෙකුට කිසියම් චෝදනාවක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් විධිමත් ලෙස පැමිණිලි කළ හැකි බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත්  පැවසීය.

ආණ්ඩුවට එරෙහිව ලැබෙන පැමිණිලි පවා විභාග කිරීම සූදානම් බව ඔහු ප්‍රකාශ කලේය.

එලෙස නොකර  තැන් තැන්වල කටමැත දොඩවීමට ලෑස්ති නොවන ලෙසද ඔහු අනතුරු ඇඟවීය.

රේගු පරීක්‍ෂාවට ලක් නොකර වරායෙන්  කන්ටේනර් 323ක් පිට කිරීම සම්බන්ධයෙන් එල්ල කරන චෝදනාවන්ට ප‍්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් මෙලෙස අදහස් දක්වන ලදී.

වීඩියෝ – Voice Tube

Continue Reading

පුවත්

කඩු පහරකින් තරුණයෙක්ගේ දිවි තොර කරයි

Published

on

By

ඇහැලියගොඩ, නැදුරන හංදියේ, රේල් පාර අසලදී ඊයේ (30) රාත්‍රියේ පුද්ගලයින් තිදෙනෙකුට කඩුවකින් පහරදීමක් සිදුකර තිබේ.

කඩුපහරින් බරපතල තුවාල ලබා ඇහැලියගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු  තරුණයෙක් මියගොස් තිබේ.

අනෙක් තුවාලකරුවන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට මාරුකර යවා ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 22ක් වූ ඉද්දමල්ගොඩ, ගැටහැත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඇහැලියගොඩ පොලීසිය වැඩිදුර විර්මශන සිදු කරනු ලැබේ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved