Connect with us

පුවත්

ලංකාවේ නියෝජිත පිරිස වොෂින්ටනයේ සාකච්ඡාවක

Published

on

ශ්‍රී ලංකා නියෝජිත පිරිස වොෂින්ටන් ඩීසී හි එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය සමඟ එක්සත් ජනපදය විසින් පනවන ලද තීරුබදු සම්බන්ධයෙන් වන සාකච්ඡාවල දෙවන වටයේ සාකච්ඡා සඳහා සහභාගි වී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) විසින් කරන ලද ආරාධනයකට අනුව, තීරුබදුවලට අදාළ කරුණු පිළිබඳ අවධානය යොමු කරමින්, වොෂින්ටන් ඩී.සී.හි පැවැත්වෙන සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිස මෙලෙස එක්වුණි.

දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීම සඳහා වූ අඛණ්ඩ උත්සාහය අරමුණු කරගත් දෙවන පුද්ගල මට්ටමේ රැස්වීම මෙය වේ.

පුවත්

පාර්ලිමේන්තු කටයුතු ඇරඹේ (සජීවී විකාශය)

Published

on

By

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (03) පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්විය.

ජූනි මස පළමු රැස්වීම් සතියේ පළමු රැස්වීම් දිනය අද යි.

පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබේ.

පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර,

පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහායි වෙන් කර ඇත.

 පෙ.ව 11.30 සිට ‍ප.ව 5.00 දක්වා පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.

අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා කාලය ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට වෙන් කර තිබේ.

Continue Reading

පුවත්

ජල සම්පාදනයේ කෙටි පණිවුඩ සේවය යථාතත්ත්වයට

Published

on

By

සිය කෙටි පණිවුඩ සේවාවට එල්ල වූ සයිබර් ප්‍රහාරයෙන් දත්තවලට කිසිදු හානියක් සිදුව නොමැති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එහි අතිරේක සාමාන්‍යාධිකාරී ප්‍රදීප් හේරත් මහතා සඳහන් කළේ, මේ වන විට සිය දත්ත පද්ධතියේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවය.

පසුගිය ඉරිදා පස්වරුවේ කිසියම් පුද්ගලයෙකු විසින් ජාතික ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළුවීමට උත්සහ දරා තිබේ.

එහිදී අදාළ පුද්ගලයා විසින් එම මණ්ඩලයේ කෙටි පණිවුඩ සේවාවට ඇතුළු වී පාරිභෝගිකයින් වෙත කෙටි පණිවුඩ යොමුකර ඇති බව වාර්තා වේ.

කෙටි පණිවුඩ 10,000ක් පමණ එලෙස අදාළ පුද්ගලයා විසින් පාරිභෝගිකයින්ගේ ජංගම දුරකථන වෙත යවා ඇති බව සඳහන්ය.

සිය දත්ත ලබා ගැනීම සඳහා යම්කිසි මුදලක් බැරකරන ලෙස එම කෙටි පණිවුඩය මඟින් පාරිභෝගිකයින් වෙත දැනුම් දී තිබේ.

කෙසේවෙතත් ක්ෂණිකව ක්‍රියාත්මක වූ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අදාළ කෙටි පණිවුඩ සේවාව යථා තත්ත්වයට පත්කර එම සියලු පාරිභෝගිකයින්ට ව්‍යාජ කෙටි පණිවුඩය පිළිබඳව දැනුම්දීමක් සිදුකර ඇති බව සඳහන්ය.

මේ අතර රාජ්‍ය ආයතනවල වෙබ් අඩවිවල ආරක්ෂාව සම්බන්ධයෙන් පැය 24 පුරා ක්‍රියාත්මක මෙහෙයුම් පද්ධතියක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා සඳහන් කළේ, වෙබ් අඩවිවල ආරක්ෂක පද්ධතියේ දුර්වලතා මෙම සයිබර් ප්‍රහාර එල්ල වීමට හේතු වී ඇති බවය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැති දිවයිනට

Published

on

By

ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ලස් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.

‍ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සමග 15 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක අමාත්‍යංශයට අයත් විශේෂ ගුවන් යානයකින් ඊයේ (02) රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.

ඔවුන් පිළිගැනීම සඳහා මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

‍ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මෙම සංචාරය තුළ දී දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීම සහා ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳ අවධානය යොමුවනු ඇත.

ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව මෙම දුත පිරිස ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved