පුවත්

ලංකාවේ පළමු හදවත් බද්ධ කිරීමට ගුවන් හමුදාවේ සහය

Published

on

හදිසි අනතුරකින් මොළය මිය ගිය පුද්ගලයෙකුගේ වැදගත් ශරීර අවයව ලබාගැනීම සඳහා බදුල්ල මහ රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත එම ශරීරය ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අද (31) ඉතා ආරක්ෂිතව ප්‍රවාහනය කර තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 4 හෙලිකොප්ටර් බලඝණයට අයත් බෙල් 412 වර්ගයේ ගුවන් යානාවක් ගිලන් රථයක් ලෙස පරිවර්තනය කර යොදාගනිමින් මෙම කර්තව්‍යය සිදුකළ බව ගුවන් හමුදාවේ නිවේදනයක දැක්වේ.

මෙය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ඇති කර ගන්නා ලද අවබෝධතා ගිවිසුමකට අනුව සිදුකර ඇත.

මෙම මොළය මියගිය පුද්ගලයාගේ වැදගත් ශරීර අවයව වෙනත් රෝගීන් සඳහා ප්‍රදානය කිරීමට සහ විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට සිදු කිරීමට බලාපොරොත්තු වන හදවත් බද්ධ කිරීමේ සැත්කම සිදු කිරීම සඳහාද යොදා ගැනීමට නියමිත බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Trending

Exit mobile version