අද (01) දිනයට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් ජාතික ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වයේ කම්කරු රැලිය සහ කම්කරු පූජාව අද උදෑසන පැවැත්වුණි.
මෙරට පැවැත්වෙන පැරණිතම රැලියක් වන එය මෙවර පැවැත්වූයේ 64 වැනි වරටයි.
කොල්ලුපිටිය පොල්වත්ත ශාන්ත මයිකල් දේවස්ථානයේ අද දිනයේ පැවැත්වුන ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වයේ කම්කරු රැලිය සහ කම්කරු පූජාව වෙනුවෙන් විශාල පිරිසක් එක්ව සිටියහ.
වතු, ධීවර, කම්කරු, ඇඟලුම් ආදී ක්ෂේත්‍ර නියෝජනය කරන පිරිස් සහභාගී වූ කම්කරු රැලිය දේවස්ථාන අවට පරිශ්‍රයේ සංචාරය කිරීමෙන් පසු කම්කරු පූජාවට එක් වූහ.
කම්කරු රැළියට හා සර්වාගමික පූජාවට කොළඹ දියෝකීසීයේ රදගුරු දුශාන්ත රුද්‍රිගු පියතුමා, කුරුණෑගල රදගුරු නිශාන්ත ප්‍රනාන්දු පියතුමා,ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයේ මහ ලේකම් සුජිත සිවනායගම් පියතුමා, කැළණිය විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය කැකිරාවේ සුදස්සන හිමි, අල්හාජ් මුනීර් මවිලවිතුමා ද එක් වූහ.
කම්කරු පූජාවේ ප්‍රධාන දේශනය රොහාන් සිල්වා පියතුමා සිදු කළේය.