පුවත්

ලංකාවේ බන්ධනාගාරයක සිටි පාකිස්තානු සිරකරුවෙක් මරුට

Published

on

හෙරොයින් ලග තබා ගැනිමේ චෝදනාවට වරදකරු වී ජිවිතාන්තය දක්වා සිර දඩුවම් ලබමින් සිටි පාකිස්ථාන ජාතික සිරකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අඟු‍ණකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි ඔහු ඇතිවූ හදිසි අසනීප තත්වයක් හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මොහොමඩ් නදීම් නැමති 59 හැවිරිදි ඔහුට 2019 වසරේ අගෝස්තු 28 වැනිදා මීගමුව මහාධිකරණය ජිවිතාන්තය දක්වා සිර දඩුවම් නියමකර තිබිණි.

Trending

Exit mobile version