Connect with us

පුවත්

ලංකාවේ විදෙස් දූත පිරිස් අඩු කරන ලෙස මොරගොඩ ඉල්ලයි

Published

on

කාලීන අවශ්‍යතාවක් සේ සලකා විදේශ දූත මණ්ඩල අඩු කරන ලෙස යෝජනාවක් ඉන්දියාවේ හිටපු මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ඉදිරිපත් කරයි.

හැටකට වැඩි තානාපති හා මහ කොමසාරිස් කාර්යාල ශ්‍රී ලංකාව විසින් පවත්වාගෙන යනු ලබන අතර ඉන් වැඩි ප්‍රමාණයක් කාර්යමණ්ඩල හිඟයෙන් පෙළෙන බවද මොරගොඩ මහතා පෙන්වා දී තිබේ.

එසේම ඩොලර් බිලියන 325 කට ආසන්න විදෙස් විනිමයක් පවත්වාගෙන යන සිංගප්පූරුව නඩත්තු කරන්නේද විදෙස් දූත මණ්ඩල 50කට ආසන්න ප්‍රමාණයක් බව ඔහු ලෙන්වා දී තිබේ.

ඔහු පෙන්වා දී ඇත්තේ අවම විදේශ දූත මණ්ඩල 10ක් මේ අවස්ථාවේදී අඩු කළ හැකි බවයි.

එම ඉතුරුම්වලින් අනෙක් දූත මණ්ඩල පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය තවත් පහසුකම් ලබාදිය හැකි බවද ඔහු පෙන්වා දී ඇත.

සබැඳි පුවත්
අදානිගෙන් මොරගොඩට රෑ කෑමක් ! 

ඉන්දියාව කොන්දේසි විරහිත සහයක් දෙන බවට මොරගොඩ ගුණවයයි! 

ශංකර් ලංකාවට එන කටේ මොරගොඩ ආරක්ෂක උපදේශක හමුවෙයි! 

මොරගොඩ – ශ්‍රින්ග්ලා හමුවේ 

මොරගොඩ නවදිල්ලියට ගිහින් නිර්මලා හමුවෙයි! 

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved