Connect with us

පුවත්

ලංකාවේ සාක්ෂරතාවය අනතුරේ!

Published

on

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාථමික අංශයේ අධ්‍යාපනය ලබන දරුවන්ගෙන් සියයට 50ක පමණ පිරිසක් පාසල් නොඑන බව හඳුනාගෙන ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ පාසල් කටයුතු අංශයේ ප්‍රධානී ප්‍රජා වෛද්‍ය විශේෂඥ අයේෂා ලොකුබාලසූරිය මහත්මිය කියයි.

කුසට ආහාරයක් නොමැතිවීම, දෙමාපියන් රැකියාව සඳහා යාම, ප්‍රවාහන ගාස්තු සොයා ගැනීමට නොහැකිවීම සහ පාසල් උපකරණවල මිල ඉහළ යාම වැනි කාරණා ඊට හේතුවී ඇති බවද ඇය පෙන්වාදෙයි.

මේ තත්ත්වය අනෙකුත් පාසල්වලටද උදාවිය හැකි බවත්, මෙය රටක අනාගතයට අහිතකර ලෙස බලපෑම් ඇතිකරන තත්ත්වයක් බවත් ඇය කියා සිටී.

කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් නොව දිවයිනේ සියලුම පාසල් සම්බන්ධයෙන් ද අදාළ පරික්ෂා කිරීම් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සිදුකරමින් පවතින බවද විශේෂඥවරිය හෙළිකර තිබේ.

අධ්‍යාපනය ප්‍රවීනයන්ගේ මතය වී ඇත්තේ මේ තත්ත්වය වර්ධනයවුවහොත් ඉදිරියේදී ලංකාවේ වැඩිහිටි සාක්ෂරතා අගයට ද එය බලපෑම් ඇති කළ හැකි බවයි.

වැඩිහිටි සාක්ෂරතා අනුපාතය යනු වයස අවුරුදු 15 සහ ඊට වැඩි පුද්ගලයින්ගේ එදිනෙදා ජීවිතය පිළිබඳ කෙටි සරල ප්‍රකාශයක් තේරුම් ගනිමින් කියවීමට සහ ලිවීමට හැකි පුද්ගලයින්ගේ ප්‍රතිශතයයි.

ශ්‍රී ලංකාව තුළ මෙය වසරින් වසර වර්ධනයවීම පසුගිය දශකය තුළ දක්නට ලැබුණු ප්‍රගතියක් බවද පෙන්වාදෙන ඒ සම්බන්ධ ප්‍රවීනයන් කියා සිටින්නේ 2019 දී 92.25% ක් ලෙස පැවැති එහි සාමාන්‍ය 2020 දී 0.13%ක වර්ධනයක් පෙන්නුම්කරමින් 92.34% ක් දක්වා වර්ධනය වී ඇති බවයි.

Continue Reading

පුවත්

දින 9කදී ලංගම ආදායම රු. මිලියන 1,300 පන්නයි

Published

on

By

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා පවසයි.

ඔහු පැවසුවේ මේ වන විටත් අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක වන බස් සේවාවක් ක්‍රියාත්මක වන බවය.

විශේෂයෙන් මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයිද පැවසු ඒ මහතා පැවසුවේ ඒ අනුව මහනුවර – කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 150කට ආසන්න සංඛ්‍යාවක්ද යොදවා ඇති බවය.

එමෙන්ම පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා වන විට ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇතැයිද එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව CIDයට

Published

on

By

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

ඒ අනුව ජනාධිපති ලේකම් – නන්දික සනත් කුමානායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

Continue Reading

පුවත්

ඩෙංගු – චිකන්ගුන්‍යා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක්

Published

on

By

මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත කරනු ලබන මදුරුවන් හරහා චිකන් ගුන්‍යා රෝගය ද ව්‍යාප්ත වන බවය.

ඔහු පැවසුවේ දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව හේතුවෙන් බොහෝ පිරිස් විනෝද චාරිකා ගොස් ඇති බවත් මේ හේතුවෙන් නිවාස සහ අවට පරිසරය පිරිසිදු කර ගැනීමේ හැකියාව මග හැරී ගොස් ඇති බවය.

මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමේ හැකියාවක් ලැබී නොමැති බැවින් මදුරුවන් බෝ වන ස්ථාන වැඩි වී ඇතැයිද ඔහු පැවසීය.

ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝග පතුරුවනු ලබන්නේ එකම මදුරුවෙකු විසින් බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මේ හේතුවෙන් අවට පරිසරය නිරන්තර පිරිසිදු කරගනිමින් මදුරුවන් බෝවිම වළක්වා ගන්නා ලෙස ජනතාව දැනුවත් කරන බවය.

(අරුණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved