පුවත්

ලංකාවේ 1/4ක් දුප්පතුන්

Published

on

ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවයෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින්  නිකුත් කෙරුණු  අලුත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා කියයි.

මේ පිරිස දරිද්‍රතාවයට පත්ව ඇත්තේ ඉහළ ගිය උද්ධමනය, ජනතාවගේ ආදායම් වැඩි නොවීම, රැකියා අහිමිවීම සහ ආදායම් කඩා වැටීම යනාදී හේතූ නිසා බවද ලෝක බැංකුව සඳහන් කරන්නේ යැයි ඔහු සඳහන් කළේය.

ලෝක බැංකුව පහළ මධ්‍යම ආදායම්ලාභී දරිද්‍රතා රේඛාව වන දිනක වියදම ඩොලර් 3.65 සීමාව සැලකිල්ලට ගෙන කළ අධ්‍යයනයකදී මෙම තොරතුරු අනාවරණය කරගෙන ඇත.

මේ අතර මේ වර්ෂයේදී දරිද්‍රතාවයෙන් පෙළෙන සංඛ්‍යාව ලක්ෂ දෙකකින්ද ලබන වර්ෂයේදී එම සංඛ්‍යාව ලක්ෂ තුනකින්ද වශයෙන් සුළු අගයකින් අඩුවිය හැකි බව එම බැංකුව පුරෝකථනය කරයි.

මේ තොරතුරු සඳහන් වන්නේ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රගතියට අදාළව නිකුත් කෙරුණු අලුත්ම වාර්තාවේය.

මෙරට සමස්ත ජනගහනය 21,801,064 ක් ලෙස වාර්තා වේ.

Trending

Exit mobile version