පුවත්

ලංකාව චීන එක්ස්පෝ එකට නොයාමේ පාඩුව කෝටියයි!

Published

on

චීනයේ පැවැති ජාත්‍යන්තර එක්ස්පෝ ප්‍රදර්ශනය ශ්‍රී ලංකාව නියෝජනය නොකිරීම හේතුවෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් 2021 වර්ෂයේදී අපතේ ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවකින් හෙළිවී ඇතැයි වාර්තා වේ.

එම ප්‍රදර්ශනයේ වෙළෙඳ කුටි සකස් කිරීම සඳහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය රුපියල් හැත්තෑ දෙලක්ෂයක පමණ මුදලක්ද ප්‍රදර්ශනකරුවන් තෝරා ගැනීම සඳහා පුවත්පත් දැන්වීම් පළ කිරීමට රුපියල් 50,000කට ආසන්න මුදලක්ද වැය කර තිබූ බව එම වාර්තාවෙන් වැඩිදුරටත් හෙළිව ඇත.

මේ තොරතුරු සඳහන් වන්නේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ 2021 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තා වේ.

මූලාශ්‍රය – ලංකාදීප

Trending

Exit mobile version