ශ්‍රී ලංකාව විසින් ලබාගත් විනිමය හුවමාරු පහසුකමට අදාළව බංගලාදේශයට තවත් ණය වාරිකයක් ගෙවා ඇත.
ලංකාව ලබාගත් ඩොලර් මිලියන 200ක ණය මුදලට අදාළ දෙවන වාරිකය ලෙස ඩොලර් මිලියන 100ක් මෙලෙස ලබා දී ඇත.
පසුගිය මාසයේදී ලංකාව විසින් පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 50ක් ගෙවා අවසන් කර තිබුණි.
Bangladesh Bank හි විධායක අධ්‍යක්ෂ Mesba ul Haque පවසා ඇත්තේ ඉතිරි ඩොලර් මිලියන 50ක මුදල මෙම වසර තුළ ගෙවීමට ඇති බවය.